ඉන්දීය නායකත්ව අර්බුධය උග්‍රයි – නායකත්වයෙන් එලවූ කෝලි තනතුර හැර දා යාම ප්‍රතික්ෂේප කරයි!

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ එක්දින නායකත්වයෙන් විරාත් කෝලී ඉවත් කර රෝහිත් ෂර්මා පත් කිරීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කළා.

ඒ දිගින් දිගටම විරාත් කෝලි යටතේ ඉන්දීය කණ්ඩායම දැක්වූ අසාර්ථකත්වයන් මත බවටයි එරට මාධ්‍ය වාර්තා කර තිබුනේ. කෝලිගේ නායකත්වය යටතේ ඉන්දීය කණ්ඩායමට කිසිදු ICC ශූරතාවයක් ජයග්‍රහණය කිරීමට හැකි වූයේ නැහැ.

මේ අනුව ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවේ පුරාවෘත්තයක් වන වත්මන් ක්‍රිකට් සභාපති සෞරව් ගංගුලි විරාත් කෝලී නායකත්වයෙන් ඉවත් කිරීමට පසුගියදා තීරණය කළා.

එහිදි සෞරව් ගංගුලි සිය සුපුරුදු දැඩිභාවය පෙන්වා විරාත් කෝලිට නායකත්වයෙන් ඉවත් වීමට පැය 48ක කාලයක් ලබා දුන්නා. එහෙම එම කාලය තුල විරාත් කෝලි නායකත්වයෙන් ඉවත් වූයේ නෑ.

ඒ අනුව ඔහු නායකත්වයෙන් නෙරපා දැමීමට ගංගුලි තීරණය කළා. කෙසේ වෙතත් නායකත්වයෙන් ඉවත් වීම කෝලි ප්‍රතික්ෂේප කරමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

“ද ඉකොනොමික් ටයිම්ස්” පුවත්පත වාර්ථා කරන අන්දමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් එක්දින නායකත්වයෙන් ඉවත්වීම සඳහා විරාත් කෝලි හට පැය 48ක කාලයක් ලබා දී ඇති අතර, නායකත්වයෙන් ඉල්ලා අස්වීම සිදුකිරීම විරාත් කෝලි විසින් ප්‍රතික්ෂේප කර ඇත.

කෙසෙ නමුත් ලබාදුන් පැය 48ක කාලය ගෙවී යන තෙක් නිහඬව සිටි සව්රව් ගංගුලි ප්‍රධාන ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය 49 වන පැයේදී ඉන්දීය නව එක්දින නායකය ලෙස රොහිත් ශර්මා ට්ව්ටර් පණිවුඩයක් මාර්ගයෙන් නිළ වශයෙන් දැනුම් දුනි.

“මහේන්ද්‍ර සිං දෝණි යටතේ කණ්ඩායමට පැමිණ ඔහු යටතේ ගොඩනැගී නායකත්වය භාරගත් විරාත් කෝලී කණ්ඩායම තුළ ප්‍රකටව සිටින්නෙ වඩාත් අධිකාරීමය නායකයකු ලෙසිනි.

මහේන්ද්‍ර සිං දෝණි වඩාත් නිශ්ශබ්ද සහ මිත්‍රශිලී නායකයෙකු ලෙස කණ්ඩායම මෙහෙයවූ අතර විරාත් කෝලී ඊට හාත්පසින්ම වෙනස් වූ නායකයෙක් ලෙස කටයුතු කළේය. එකළ මහේන්ද්‍ර සිං දෝණිගේ හෝටල් කාමරය කණ්ඩායමේ ඕනෑම අයෙකුට විවෘත වූ අතර එහිදී ක්‍රිකට් හා සම්බන්ධ දෑ කත බහ කෙරුණේද කලාතුරකිනි.

ක්‍රීඩකයන් අල්ලාප සල්ලාපයේ යෙදෙමින්, වීඩියො ක්‍රීඩාවේ නිරතවෙමින් කාලය ගෙවා දැමු අතර එය බොහෝ දුරට කණ්ඩායමේ කණ්ඩායම් බැඳීම වර්ධනය වූ අවකාශයක් විය.

කෙසේ නමුත් විරාත් කෝලිගේ කාමරය විවෘතවී තිබුණේ ඉහළම ජේශ්ඨයන් හට පමණක් වූ අතර එයද හුදෙක් කණ්ඩායමේ උපාය මාර්ග සඳහා වන සාකච්ඡා පමණක් විය.

කෙසේ නමුත්, විරාත් කෝලි මෙලෙස දැඩි අධිකාරියක් කණ්ඩායම තුල පවත්වා ගෙන යාමෙන් බොහෝ ක්‍රීඩකයන් ඔහුගෙන් පෞද්ගලිකව දුරස්ථ වී තිබු අතර ඒ වෙනුවට වඩාත් මිත්‍රශීලි රෝහිත් ශර්මා වටා ඔවුන් ගොනුවෙමින් තිබිණි.

බොහෝ නවකයන් සඳහා කණ්ඩායමේ “අයියා” භූමිකාව රෝහිත් විසින් නොපිරිහෙලා ඉටුකර තිබිණි. ඔවුන් සමඟින් කාලය ගත කිරීම, අහාරපාන ගැනීම, අසාර්ථක අවස්ථාවන් හී ලඟින් ඇසුරු කරමින් ආත්ම විශ්වාසය ගොඩනැගීම සඳහා මහත් රුකුලක් රෝහිත් ශර්මා නවක ක්‍රීඩකයන්ට ලබාදී තිබිණි.

එහෙයින් කණ්ඩායම තුළ විරාත් කෝලී අභිභවා යන ජනප්‍රියත්වයක් රෝහිත් ශර්මා විසින් දිනාගෙන තිබිණි.” ලෙසින් ද තවදුරටත් ද ඉකොනොමික් ටයිම්ස් පුවත්පත වාර්ථ කර තිබිණි.

මෙම අධිකාරීමය නායකත්වය පිහිටුවීමට බොහෝ දුරට හේතු සාධක වූයේ “ලෝධා කමිටුවයි” ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ඉන්දීය ක්‍රිකට් පාලනය කිරීම සඳහා නම් කරනු ලැබූ ලෝධා කමිටුව විරාත් කෝලී විසින් ගනු ලැබූ සහ ඉල්ලුම් කල සියලුම දෑ වෙනුවෙන් ඉඩකඩ සලසා දීම සිදුකෙරිණි.

මේ තත්ත්වයට මදක් හෝ එරෙහි වූ අනිල් කුම්බ්ලේ හට ඉතා ඉක්මනින් ගෙදර යාමට සිදුවූයේද විරාත් කෝලී විසින් අරෝපණය කරගෙන තිබූ මෙම බලය හේතුවෙනි.

විරාත් කෝලි නායකයෙකු ලෙස ගත් සමහර අමනෝඥ තීරණ හේතුවෙන් බුවනේශ්වර් ශර්මා, කුල්දීප් යාදව් මෙන් බොහෝ දක්ශ ක්‍රීඩකයන් හට කණ්ඩායමේ ස්ථානයක් පමණක් නොව ක්‍රීඩකයෙකු ලෙස ඔවුනගේ භූමිකාව කුමක්ද යන්න පවා අහිමි වී ගියේය.

තරඟයක් දෙකක් අසාර්ථක වු සැණින් ක්‍රීඩකයන් කණ්ඩායමෙන් ඉවතට විසිවීම සිදු වූ අතර එම ඉවත්කිරීම් සඳහා සාධාරණ හේතු ඉදිරිපත් කිරීමක් සිදුකිරීමට හෝ විරාත් කෝලි අපොහොසත් වී තිබිණි.

“විරාත් කෝලි සමඟ කණ්ඩායම ඇතුලේ තිබුණ ලොකුම ගැටළුව තමා විශ්වාසය. ඔහු නිතරම කියනව නිවැරදි සහ පැහැදිලි සන්නිවේදනයක් තියෙන්න ඕන කියල. නමුත් විරාත් කෝලී සතුව නොමැති දේත් එයමයි” යැයි වරෙක කණ්ඩායමේ ක්‍රීඩකයෙකු PTI පුවත්පතට පවසා තිබිණි.

විරාත් කෝලි රෙජිමයේ ප්‍රභලයෙකු වූ රවී ශාස්ත්‍රී පවා පසුකලෙක විරාත් කෝලි සමඟ අමනාපයෙන් පසු වූ අතර ඔහුගේ නික්මයාමට ප්‍රභලම හේතුව වූයෙද විරාත් කෝලී සමඟ වූ මෙම අමනාපය බව තතු දත්තො පවසති.

ලෝධා කමිටුව අහෝසි වී සව්රව් ගංගුලි ඉන්දීය පාලක මණ්ඩලයේ සභාපති වූ දා පටන් විරාත් කෝලි සහ පාලක මණ්ඩලය අතර සීතල යුද්ධයක් ආරම්භ වූයේ ලෝධා කමිටුව මෙන් විරාත් කෝලි වෙනුවෙන් ඕනෑම දෙයක් ඉටුකීරිමට හිටපු ප්‍රභල ඉන්දීය ටෙස්ට් නායකයෙකු වු සව්රව් ගංගුලි සුදානම් නොවූ හෙයිනි.

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවේ පතාක යෝධයෙකු වූ සව්රව් ගංගුලි, විරාත් කෝලී ඉදිරියේ නිහඬව සිටිතැයි කිසිවකුටත් අපේක්ශා කල නොහැකි අතර අවසානයේ සිදුවූයේ උත්කර්ෂවත් ලෙස නික්මයෑමක් බලාපොරොත්තු වූ සියල්ලන්ගේ බලාපොරොත්තු සුන් කරමින් සව්රව් ගංගුලි විසින් විරාත් කෝලීගේ නායකත්ව කිරුළ ගලවා ඉවත්කිරීමය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button