Colombo Stars Vs Galle Gladiatos Match highlights (Video)

මේ දිනවල පැවැත්වෙන මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සිය දෙවැනි ජයග්‍රහනය වාර්තා කිරීමට කලම්බු ස්ටාර්ස් කණ්ඩායම ඊයේ (12) සමත් වුණා.

ඒ, තරගාවලියේ 13 වැනි තරගයෙන් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පරදා ලකුණු 41ක ජයක් වාර්තා කරමිනි.

ආරම්භයට වර්ෂාවෙන් බාධා එල්ල වූ බැවින් එක් ඉනිමක් පන්දුවාර 18කට සීමා කෙරුණු තරගයේ කලම්බු ස්ටාර්ස් කණ්ඩායම පන්දුවෙන් හා පිත්තෙන් යන ද්විත්වයෙන්ම සුපිරි දස්කම් ප්‍රදර්ශනය කළා.

කාසියේ වාසිය දිනා ගෙන තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් කලම්බු කණ්ඩායම නියමිත පන්දුවාර 18 අවසානය‍ේ කඩුලු 7ක් දැවී ලකුණු 162ක් ලබා ගත්තා.

ආබාධය සුව වීමෙන් පසුව මෙවර තරගාවලියේ දී පළමු වරට තරග බිමට පිවිසි නායක ඇන්ජෙලෝ මැතිව්ස් සුපිරි ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 57කින් ලකුණු 73ක් රැස් කළා.

එම ඉනිමට හයේ පහර 3ක් හා හතරේ පහර 8ක් ඇතුලත් වුනා. එම ලකුණු සංඛ්‍යාව මෙවර තරගාවලියේ දී පිතිකරුවෙකු ඉනිමක වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාවයි.

අශාන් ප්‍රියන්ජන් ලකුණු 23ක් රැස් ලබා ගත්තා. වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ දිනේෂ් චන්දිමාල් පන්දු 14කින් වේගවත් ලකුණු 36ක් ලබා ගත්තේ හයේ පහර 2ක් හා හතරේ පහර 4ක්ද සමගින්.

තරගාවලියේ මේ වනවිට අසාර්ථක රිද්මයක සිටිනා ගාලු කණ්ඩායමට පන්දුවාර 16.5ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 121ක් පමණයි.

පන්දු යැවීමේ දී නවීන් උල් හක් කඩුලු 3ක් ද, රවී රාම්පෝල් හා සීක්කුගේ ප්‍රසන්න කඩුලු 2 බැගින් ද දවා ගත්තා.

එම තරගයේ විශේෂ අවස්තා පහතින්,

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button