ශ්‍රී ලංකා පිතිකරුවෙකුගෙන් නොදකිනා දසුනක් – දිනේෂ් චන්දිමාල්ගේ මීටර් 105 යෝද හයේ පහර! (VIDEO)

මෙවර LPL තරගාවලියේ විශාලතම හයේ පහර එල්ල කිරීමට ප්‍රවේගකාරී පිතිකරු දිනේෂ් චන්දිමාල් සමත් වුනා.

ඒ ඊයේ පැවැති කලම්බු ස්ටාර්ස් , ගෝල් ග්ලැඩියේටර්ස් තරගයේදී ඉසුරු උදාන විසින් යොමු කළ පන්දුවකට යෝද හයේ පහරක් එල්ල කරමින්.

ලෝන්ග් ඕන් කලාපයෙන් දිනේෂ් චන්දිමාල් එල්ල කළ එම පහර මීටර් 105ක් දුර ගොස් තිබුනා.

සාමාන්‍යයෙන් මෑත යුගයේ ශ්‍රී ලංකා පිතිකරුවන් මීටර් 100 ඉක්මවා හයේ පහරවල් එල්ල කර ඇත්තේ කලාතුරකින්,

දිනේෂ් චන්දිමාල් එල්ල කළ එම හයේ පහර පහතින්,

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button