LPL ආරක්ෂිත ජීව බුබුළටත් කොවිඩ් ඇතුලු වේ (Breaking News)

LPL තරගාවලියේ අවසන් මහා වටයට සුදුසුකම් ලබා සිටින ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ සහාය කාර්යය මණ්ඩලයේ සාමාජිකයෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව වෛද්‍ය පරීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

මේ අනුව මෙතෙක් කල් සුරක්ෂිතව තිබූ LPL සෞඛ්‍ය ආරක්ෂිත ජීව බුබුළටත් කොවිඩ් 19 ඇතුලු වී තිබීම විශේෂත්වයක්.

කෙසේ වෙතත්, ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය යටතේ අවසන් වටයේ තරග සදහා මින් කිසිදු බලපෑමක් සිදු නොවන බව කිංග්ස් කණ්ඩායමේ උසස් නිළධාරියෙකු මාධ්‍යයට ප්‍රකාශ කරනවා.

කිංග්ස් කණ්ඩායම කොළඹ නවාතැන් ගෙන සිටින අවස්ථාවේ දී සිදු කෙරුණු වෛද්‍ය පරීක්ෂණයකින් සහාය කාර්යය මණ්ඩලයේ සාමාජිකයෙකුට මෙලෙස කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට හදුනා ගෙන ඇති බවත්, මේ වන විට ඔහු කණ්ඩායමේ සෙසු සාමාජිකයින්ගෙන් වෙන්ව සිටින බවත් වාර්තා වේ.

ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ සෙසු සාමාජිකයින්ට සිදු කෙරුණු ව‍ෛද්‍ය පරීක්ෂණවලින් ඔවුන්ට කොවිඩ් 19 ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබෙනවා.

ජැෆ්නා කණ්ඩායමේ සියලු සාමාජිකයින් මේ වන විට සිය දෙවන කොලිෆයර් තරගයට සදහා ක්‍රීඩා කිරීමට සුදානමින් පසුවෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button