ඉහළම මුදලකට වනිදු, චන්දි ඇතුලු ලාංකික ක්‍රීඩකයන් රැසක් BPL තරගාවලියට

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් (බී.පී.එල්) ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත් කිරීමට(Draft) හෙවත් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අවස්ථාවට ඉදිරිපත්ව ඇති ක්‍රීඩකයින් කාණ්ඩගත කර ඇති අයුරු හෙළිව තිබේ.

ඊට අනුව ක්‍රීඩක වෙන්දේසියේ වටිනාකමක් සහිත ක්‍රීඩක කාණ්ඩය වන ‘A’ කාණ්ඩය සදහා ඇතුළත්ව ඇති බංග්ලාදේශ ක්‍රීඩකයින් වන්නේ මෂ්රෆී මොටාසා, ශකිබ් අල් හසාන්, ටමිම් ඉක්බාල්, මහ්මුදුල්ලාහ්, මුෂ්ෆිකර් රහීම් හා මුස්ටර්ෆිසුර් රෙහ්මාන් යන ක්‍රීඩකයින්.

මෙවර බී.පී.එල් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාවට දේශීය ක්‍රීඩකයින් 210 දෙනෙකු හා විදෙස් ක්‍රීඩකයින් 406 දෙනෙකුගේ ඉහළ සහභාගීත්වයක් හිමිව තිබේ.

විදෙස් ක්‍රීඩකයින් අතරින් ඉහළම ගෙවීමක් හිමිවන ‘A’ කාණ්ඩයට (රුපියල් ලක්ෂ 150ක් හිමිවන) ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනෙකු ඇතුලත්ව තිබේ. ඒ දුෂ්මන්ත චමීර, ඉසුරු උදාන සහ වනිදු හසරංගයි.

රුපියල් ලක්ෂ 100ක් හිමිවන ‘B’ කාණ්ඩය සදහා ශ්‍රී ලංකාවෙන් ධනුෂ්ක ගුණතිලක, දිනේෂ් චන්දිමාල්, මශීෂ් තීක්ෂණ, නුවන් ප්‍රදීප් හා කුසල් මෙන්ඩිස් ඇතුළත්ව සිටිනවා.

රුපියල් ලක්ෂ 80ක් හිමිවන ‘C’ කාණ්ඩයට චාමික කරුණාරත්න, ධනංජය ලක්ෂාන්, ලසිත් ඇඹුල්දෙණිය, සීක්කුගේ ප්‍රසන්න හා සුරංග ලක්මාල් යන ක්‍රීඩකයින් අයත් වේ.

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මීළග අදියර ජනවාරි 21 වනදා ආරම්භ වීමට නියමිත අතර, ක්‍රීඩක කෙටුම්පත් කිරීම එළඹෙන 27 වනදා සිදු කිරීමට නියමිතයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button