රජ තුංකට්ටුවේ තහනම ඉවත් කළ ක්‍රිකට් ආයතනයට භානුකට වෙන හැන්දකින් බෙදයි – භානුක ඉලක්ක කරමින් නව නීති!

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් විශ්‍රාම ගැනීමට සූදානම් වීමේදී හා විශ්‍රාම යාමෙන් පසුව ඔවුන් අනුගමනය කළ යුතු ක්‍රියාවලියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද(8) විශේෂ නිවේදනයක් නිකුත් කළා.

ඊයේ (7) පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු රැස්වීමේ දී මේ සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක් කර අදාළ තීන්දු තීරණ ගත් බවයි ක්‍රිකට් ආයතනය සදහන් කරනවා. එහිදි මහේල ජයවර්ධනගේත් උපදෙස් ක්‍රිකට් ආයතනය විසින් සළකා බලා තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව ජාතික ක්‍රීඩකයෙකු විශ්‍රාම ගැනීමට අපේක්ෂාවෙන් පසුවන්නේ නම් මින් ඉදිරියට ඔවුන් ඒ සම්බන්ධයෙන් මාස 3කට පෙර ක්‍රිකට් ආයතනයට දැනුම් දිය යුතුයි.

එමෙන්ම විදෙස් ලීග් ක්‍රිකට් තරගාවලියක් සදහා ක්‍රීඩා කිරීමට අපේක්ෂාවෙන් පසුවන විශ්‍රාමික ජාතික ක්‍රීඩකයින්ට ඒ සදහා ක්‍රිකට් ආයතනයෙන් අවසර හිමි වන්නේ අදාළ ක්‍රීඩකයා විශ්‍රාම යාමෙන් පසු මාස 6ක කාලයක් සම්පූර්ණ කිරීමෙන් අනතුරුවයි.

එමෙන්ම ලංකා ප්‍රිමියර් ලීග් වැනි දේශීය ලීග් තරගාවලි ක්‍රීඩා කිරීම සදහා විශ්‍රාමික ජාතික ක්‍රීඩකයින්ට අවසර ලබා දෙන්නේ ද අදාළ ලීග් තරගාවලියට පෙර පැවැත්වෙන දේශීය තරග වාරයේ දී එම ක්‍රීඩකයා 80%ක දේශීය තරග ප්‍රමාණයක් ක්‍රීඩා කර ඇත්නම් පමණක් බව ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

පසුගියදා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දුන් භානුක රාජපක්ෂට ඊයේ සම්මත කර ගෙන ඇති මෙම නව නීති හේතුවෙන් එළඹෙන 21 වනදා ආරම්භ වන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වීමේ අවධානමක් මේ වන විට මතුව තිබේ.

කෙසේ වෙතත් මෙවන් දැඩි නීති පැනවීම වටින්නේ සෑම ක්‍රීඩකයෙකුටම එම නීති එකසේ බලපානවා නම් පමණි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විනය විරෝධීව හැසීරිම නිසා තරග තහනම් කර තිබූ නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක තිදෙනාගේ තරග තහනමත් ඉවත් කර ජාතික කණ්ඩායමට කැඳවීමට තීරණය කළේය.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button