නාමල් රාජපක්ෂ ජය ගනියි – භානුක රාජපක්ෂ තීරණය වෙනස් කරයි!

පසුගියදා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කළ ප්‍රවේගකාරී පිතිකරු භානුක රාජපක්ෂ තීරණය කර තිබේ.

මේ පිළිබඳව මාධ්‍ය දැනුවත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා ප්‍රකාශ කරන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කළ බව දන්වමින් භානුක රාජපක්ෂ ඉදිරිපත් කළ ලිපිය ඉවත් කර ගැනීමට ඔහු කටයුතු කර ඇති බවයි.

ජාත්‍යන්තර පිටියට සමු දීමට ඔහු ගත් තීරණය සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා හා භානුක රාජපක්ෂ අතර සාකච්ඡාවක් ඊයේ (12) පෙරවරුවේ සිදුව තිබුණා.

ඒ, අරලියගහ මන්දිරයේ දී යි. එහිදි නාමල් රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍යවරයා සෘජුවම මැදිහත් වී භානුක රාජපක්ෂගේ තීරණය වෙනස් කිරීමට කටයුතු කර තිබෙන බවත් වාර්තා වේ.

හිටපු ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග ඇතුළු පාර්ශව රැසක් ද භානුක රාජපක්ෂට සිය තීරණය වෙනස් කරන ලෙස මීට පෙර ඉල්ලීම් ඉදිරිපත් කර තිබුණා.

පවුලේ වගකීම් සම්බන්ධයෙන් සලකා බලා ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කළ බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කර තිබූ නමුත්, ශාරිරික යෝග්‍යතා පරීක්ෂණ සම්බන්ධයෙන් පවතින ගැටලු මත ඔහු එම තීරණය ගෙන තිබූ බවට ද තොරතුරු වාර්තා වුණා.

ඒ සඳහා ක්‍රිකට් ක්‍රීඩාව පාලනය කරනා අදිසි හස්තයක් වන පුද්ගලයෙක් භානුක රාජපක්ෂට උපදෙස් දී තිබුනා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button