හදිසියේම තවත් ක්‍රීඩකයෙක් ආබාධයකට ලක් වේ – දික්වැල්ලත් ඇතුලට!

තරග තහනම ඉවත් කළ නිරෝෂන් දික්වැල්ල සහ කුසල් මෙන්ඩිස් දෙදෙනාට ඉන්පසුව එළඹෙන පහසු සිම්බාබ්වේ තරගාවලියේදීම අවස්තාව ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

මේ අනුව කණ්ඩායමේ ආරම්භක පිතිකරණ ස්ථානයක් සඳහා කුසල් මෙන්ඩිස් ආරම්භක පිතිකරුවෙකු ලෙස යොදා ගැනීමට කටයුතු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

ක්‍රිකට් ආයතනයේ මෙම තීරණය ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායමේ නායක දසුන් ශානක මාධ්‍යයට තහවුරු කළා.

එළඹෙන සිම්බාබ්වේ තරගාවලිය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා අද(14) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්  දසුන් ශානක මේ බව ප්‍රකාශ කළා.

කුසල් මෙන්ඩිස් මෙම තරගාවලිය සදහා නම් කෙරුණේ ඔහුට එරෙහිව පනවා තිබූ වසරක ජාත්‍යන්තර තරග තහනම නියමිත කාලය නිමා වීමට පෙර අවසන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගියදා කටයුතු කිරීමත් සමගයි.

සිම්බාබ්වේ තරගාවලියේදි කඩුලු රැකීමේ අවස්තාව නිරෝෂන් දික්වැල්ලට ලබා දීමටත් ක්‍රිකට් ආයතනයේ උත්සාහයක් පවතින බවත් වාර්තා වේ.

කුසල් මෙන්ඩිස් සමග තරග තහනමකට ලක්ව සිටි නිරෝෂන් දික්වැල්ලත් ශ්‍රී ලංකා සංචිතයට නම් කිරීමට තේරීම් කමිටුව කටයුතු කර තිබේ.

ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කරන්නේ කඩුලු රකින ක්‍රීඩක මිනෝද් භානුක ආබාධයකට ලක්ව සිටින බවයි. කෙසේ වෙතත් මෙහි සත්‍යතාවය නිවැරදිව තවමත් මාධ්‍යයට තහවුරු වී නැහැ.

මේ පිළිබඳව ක්‍රිකට් රසිකයෙක් ෆේස්බුක් වෙබ් අඩවියේ පළ කර තිබූ නිර්මාණයක් පහතින්,

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button