දෙවන එක්දින තරගයට ශ්‍රී ලංකාවෙන් සිදුවන වෙනස්කම!

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වූ පළමු එක්දින ක්‍රිකට් තරගය සදහා ක්‍රීඩා නොකළ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර දෙරට අතර පැවැත්වෙන දෙවැනි තරගය සදහා ක්‍රීඩා කරනු ඇති බව වාර්තා වේ.

පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 5ක ජයක් වාර්තා කළ අතර ශ්‍රී ලංකාව මද වේග පන්දු යවන්නන් තිදෙනෙක් සමග ක්‍රීඩා කළා.

කණ්ඩායමේ ප්‍රධාන වේග පන්දු යවන ක්‍රීඩක චමීර අසනීප වී මේ වන විට සුවය ලබා ඇතත් පළමු තරගය සදහා ක්‍රීඩා කළේ නැහැ.

කෙසේ වෙතත්, චමීර හෙට (18) පැවැත්වෙන දෙවැනි තරගය සදහා ක්‍රීඩා කිරීමට සුදුසු ශාරීරික යෝග්‍යතාවයකින් පසුවන බවට වාර්තා වේ.

පළමු එක්දින තරගයේදී එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගත් වේග පන්දු යවන ක්‍රීඩක චාමික ගුණසේකරට ආබාධයක් හේතුවෙන් තරගයේදී එක් පන්දුවාරයක් පමණක් යොමු කිරීමට සිදු වුනා.

බොහො විට චාමික ගුණසේකර වෙනුවට දුෂ්මන්ත චමීර මෙලෙසට ක්‍රීඩා කිරීමට නියමිතය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button