පළාත් – පළාත් ගැටෙන ජාතික සුපර් ලීගය ඇරඹෙයි : කොළඹ – ගාල්ල අතර තරගය නරඹන්නේ මෙහෙමයි! (LIVE)

ශ්‍රී ලංකාවේ පළාත් සහ නගර අතර පැවැත්වෙන නැෂනල් සුපර් ලීග තරගාවලිය අදින් ඇරඹෙනවා.

තරගාවලියේ අද දින තරග දෙකක් පැවැත්වෙන අතර ඉන් පළමු තරගය දකුණු පළාත නියෝජනය කරන ගාල්ල කණ්ඩායම සහ හා කොළඹ කණ්ඩායම් අතර තරගය කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

එම තරගය සජීවීව විකාශය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සියලූම වැඩ කටයුතු සම්පාදනය කර තිබේ.

වැඩි රසික ප්‍රමාණයක් නරඹන ගාල්ල – කොළඹ තරගය සජීවීව විකාශය වූවත්, කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන යාපනය හා දඹුල්ල කණ්ඩායම් අතර තරගය තරගය සජීවීව විකාශය වන්නේ නැත.

තරග දෙකම අද උදෑසන 9:45ට ආරම්භ විය.

මෙම තරගාවලිය සඳහා LPL ආකෘතියෙන්ම කණ්ඩායම් පහක් ක්‍රීඩා කරයි. එම කණ්ඩායම් පහ නම් කර ඇත්තේ ගාල්ල, කොළඹ දඹුල්ල, මහනුවර හා යාපනය නගර ඇසුරිනි.

කණ්ඩායම් පහේ පුහුණු කාර්යය මණ්ඩලවල සාමාජිකයින් සඳහා දක්ෂයන් රැසක් යොදාගෙන තිබෙන අතර එම කණ්ඩායම් සාමාජිකයන් පහතින්,

ගාල්ල කණ්ඩායම

ජෙහාන් මුබාරක් – ප්‍රධාන පුහුණුකරු/ සම්පත් පෙරේරා – සහය ප්‍රධාන පුහුණුකරු/ චමිල ගමගේ – සහය පුහුණුකරු

දඹුල්ල කණ්ඩායම

අවිශ්ක ගුණවර්ධන – ප්‍රධාන පුහුණුකරු / උපුල් චන්දන – සහය ප්‍රධාන පුහුණුකරු/ සජීව වීරකෝන් – සහය පුහුණුකරු/ සමන් ජයන්ත – සහය පුහුණුකරු

යාපනය

තිළිණ කණ්ඩම්බි – ප්‍රධාන පුහුණුකරු / සචිත් පතිරන – සහය ප්‍රධාන පුහුණුකරු / ගයාන් විජේකෝන් – සහය පුහුණුකරු

කොළඹ

රුවින් පීරිස් – ප්‍රධාන පුහුණුකරු / දර්ශන ගමගේ – සහය ප්‍රධාන පුහුණුකරු / ධම්මික සුදර්ශන – සහය පුහුණුකරු

මහනුවර

මලින්ද වර්ණපුර – ප්‍රධාන පුහුණුකරු/ පියල් විජේතුංග – සහය ප්‍රධාන පුහුණුකරු/ දිනුක හෙට්ටිආරච්චි – සහය පුහුණුකරු/  ශානුක දිසානායක – සහය පුහුණුකරු

ගාල්ල සහ කොළඹ අතර තරගය සජීවීව පහතින් නරඹන්න,

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button