සනත් ජයසූරියගෙන් කුසල් මෙන්ඩිස්ට පාඩමක්

ක්‍රිකට් ක්‍රීඩාවේ සුපිරි තරු ක්‍රිඩා කරන ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරගාවලිය මේ දිනවලදි පැවැත්වෙනවා.

එහිදි ඒෂියන් ලෙජන්ඩ්ස් කණ්ඩායම වෙනුවෙන් ශ්‍රී ලංකාව බිහි කළ සුපිරි තරු වන සනත් ජයසූරිය, තිලකරත්න ඩිල්ෂාන්, උපුල් තරංග, රොමෙෂ් කළුවිතාරණ, නුවන් කුලසේකර, චමින්ද වාස්, ඩිල්හාර ප්‍රනාන්දු මුත්තයියා මුරලිදරන් ක්‍රීඩා කරනවා.

තරගාවලියේ ඊයේ පැවැති ඒෂීයන් ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ වර්ල්ඩ් ජයන්ට්ස් අතර තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩක සනත් ජයසූරිය රැකගත් උඩපන්දුවක් ක්‍රීඩා විචාරකයන්ගේ පැසසුමට ලක්වුනා.

52 හැවිරිදි සනත් මේ වනවිට සිටින්නේ දනහිසේ ශල්‍ය කර්ම දෙකක්ද සිදු කරයි. එනමුත් ඔහු විසින් අතිශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගැනීම කොතරම් කල් ගත වූවත්, කුමන අසනීපයකින් පසු වූවත් මෙම ක්‍රීඩකයන්ගේ ක්‍රිකට් ක්‍රීඩාවට පවතින කැපවීම මැනවින් පෙන්නුම් කරන බවයි විචාරකයන් සඳහන් කරන්නේ.

තවමත් තරුණ වියේ පසුවූවත් උඩ පන්දු අත්හරින, කැපවීමකින් පුහුණුවීම්හි නොයෙදෙන ක්‍රීඩකයෙකු ලෙසයි ක්‍රිකට් ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධව සිටින්නේ.

සනත් රැකගත් සුපිරි උඩපන්දුව පහතින්,

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button