ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරීත්වයට දැඩි තරගයක්!

ලොව ධනවත්ම ක්‍රිකට් ආයතන හය තුල වැජබෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පුහුණුකරුවන් සදහා ඉහළම ගෙවීමක් කරනා රටක් ලෙසට ප්‍රසිද්ධව සිටියි.

පුහුණුකරුවන්ගේ නිල වැටුප් සහ වරප්‍රසාද සඳහා සිදු කරනා ගෙවීම් අතරින් සිව්වැනි ස්ථානය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හිමිව තිබේ. එහි පුහුණුකරුට ඉහළම වැටුපක්, සුපිරි වාහන සහ නිවාස හිමිවේ.

මේ ඉහළම වරප්‍රසාද සහිත පුහුණුකරු ධුරය හිස් වූයේ එහි රාජකාරී කළ මිකී ආතර්ගේ කාල සීමාව අවසන් වීමත් සමගය.

මෙම තනතුර සඳහා විදෙස් ජාතිකයෙකු පත් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මින්පෙර නිවේදනය කළා.

මේ සමගම මින්පෙර ශ්‍රී ලංකාවේ පුහුණුකරු ලෙස කටයුතු කළ, වත්මන් එංගලන්ත වෝක්ශයර් ප්‍රාන්ත කණ්ඩායමේ අධ්‍යක්ශ පෝල් ෆ්‍රාබේස් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට පත් කිරීමට නියමිත බව වාර්තා වූවා.

එනමුත් පෝල් ෆ්‍රාබේස් එම තනතුර ප්‍රතික්ෂේප කර ඇතැයි මේ වනවිට වාර්තා වේ.

ඒ අනුව ග්‍රාන්ට් බ්‍රැඩ්බර්න් සහ සයිමන් හෙල්මට් මෙම තනතුරට ඉල්ලුම් කර තිබෙනා අතර තනතුර සඳහා ඔවුන් දෙදෙනා අතර ප්‍රබල තනතුරක් පවතින බව ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.

ග්‍රාන්ට් බ්‍රැඩ්බර්න් නවසීලන්තය, පකිස්තානය සහ ස්කොට්ලන්තයේ ජාතික කණ්ඩායම් පුහුණුකරු ලෙස කටයුතු කර තිබෙනා අතර, සයිමන් හෙල්මට් ඕස්ට්‍රේලියා ‘ඒ’ සහ ඉන්දීය ප්‍රීමියර් ලීගයේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කර තිබේ.

කෙසේ වෙතත් මේ පිළිබඳව ශ්‍රී ලංකා හිටපු නායක අර්ජුන රණතුංග අද ප්‍රකාශයක් සිදු කළා. එහිදි ඔහු ප්‍රකාශ කළේ ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර තනතුරට විදේශිකයෙකුම යොදාගත යුතුය යන නිලධාරීන් සතුව ඇති මාන්නය අතහැර දැමියයුතු බවයි.

එහිදි අර්ජුන ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ දක්ෂ පුහුණුකරුවන් රැසක් කටයුතු කරන බවයි.

මේ අතර සනත් ජයසූරිය සඳහන් කළේ ආරාධනාවක් හිමි වුවහොත් ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරීත්වය භාර ගැනීමට තමන් සළකා බලන බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button