2021 ජාත්‍යන්තර වරම් ලැබූ හොදම යෞවනයා සම්මානය හිමි විය හැකි යොවුන් ශ්‍රී ලංකා තරුව!

2021 වසරට අදාලව, එම වසරේ ජාත්‍යන්තර වරම් ලබා ගත් හොදම ක්‍රීඩකයන් ක්‍රිකින්ෆො වෙබ් අඩවිය විසින් නම් කර තිබේ.

ඒ ලයිස්තුවට යොවුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිහිපදෙනෙක් නම්ව තිබීම විශේෂත්වයක්.

මෙම ලයිස්තුවේ ඉදිරියෙන්ම සිටින්නේ යොවුන් පිතිකරු චරිත් අසලංකයි. පසුගිය වසරේ ජාත්‍යන්තර වරම් හිමිකර ගත් චරිත් එක් තරගයක් ක්‍රීඩා කරමින් ටෙස්ට් ලකුණු 29ක්, එක්දින තරග අටකදී සාමාන්‍ය ලකුණු 40.75ක් වාර්තා කරමින් එක්දින ලකුණු 326ක් හා T20 තරග නවයකදී 132.88ක ලකුණු ලබා ගැනීමේ වේගයක් සමගින් T20 ලකුණු 295ක් රැස් කර තිබේ.

මෙම ලයිස්තුවේ සිටිනා සෙසු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වන්නේ යොවුන් දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම, තුන් ඉරියව් ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස්, පැතුම් නිශ්ශංක හා මහීෂ් තීක්ෂණයි.

ඇතුලත් කර තිබෙනා ක්‍රීඩකයන් දසදෙනාගෙන් පස්දෙනෙකුම ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් වීම විශේෂත්වයක්.

ප්‍රවීන් ජයවික්‍රම ටෙස්ට් තරග තුනකදී කඩුලු තුනක් දවා ගෙන ඇත්තේ 18.22ක සාමාන්‍යයකින්. ඔහු තරග පහක් තුල එක්දින කඩුලු පහක්ද දවා ගෙන තිබේ.

මහීෂ් තීක්ෂණ එක් එක්දින තරගයකදි කඩුලු හතරක්, T20 තරග දහයකදී කඩුලු 9ක්ද දවා ගෙන තිබේ.

රමේෂ් මෙන්ඩිස් ටෙස්ට් තරග තරග හතරකදි කඩුලු 26ක් දවාගෙන තිබේ. ඔහු දවාගෙන තිබෙන එක්දින කඩුලු ප්‍රමාණය දෙකයි.

මේ සඳහා යෝජිත සෙසු ක්‍රීඩකයන් වන්නේ ඉශන් කිෂන්, රචින් රවින්ද්‍ර, සූර්‍ය කුමාර් යාදව්, සාජීඩ් ඛාන් හා ඔලී රොබින්සන්ය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button