ශ්‍රී ලංකා පුහුණුකරු තනතුරට සුපිරි තරුවක් යෝජනා වෙයි!

මේ වනවිට පුරප්පාඩු වී ඇති ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුධූරය සඳහා නම් කිහිපයක්ම යෝජනා වී තිබේ.

මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඇතැම් පිරිසකගේ මතය වී ඇත්තේ ප්‍රධාන පුහුණුකාරධූරය සඳහා විදේශිකයෙකු පත් කළ යුතු බවයි.

කෙසේ වෙතත් හිටපු නායක අර්ජුන රණතුංග ඇතුලු පිරිසකගේ මතය වී තිබෙන්නේ එම තනතුරට ශ්‍රී ලාංකික පුහුණුකරුවෙකු පත් කළ යුතු බවය.

මේ අතර එම තනතුරට මේ වනවිට ලොව හොදම සුපිරි පුහුණුකරුවෙකුගේ නමත් යෝජනා වී තිබෙන බව වාර්තා වේ.

ඒ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ජස්ටින් ලැන්ගර් සිය ධූරයෙන් ඉල්ලා අස් වීමත් සමඟය.

මෙහිදි ජස්ටින් ලැන්ගර් හට ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරණ තනතුර සඳහා පත් කළ යුතු බවට කතාබහක් ඇතිව තිබේ.

2018 වසරේ දී ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කෙරුණු 51 හැවිරිදි ජස්ටින් ලැන්ගර් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩාව යළි ඉහළටම එසවීමට කටයුතු කළා.

එංගලන්තය සමග නිමා වූ අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාලිය තරග 4-0ක් ලෙස ජය ගැනීමට ලැන්ගර්ගේ පුහුණුකාරීත්වය යටතේ ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වූ අතර, 2021 T20 ලෝක කුසලානය ද ඔස්ට්‍රේලියාව ජය ගත්තේ ඔහුගේ පුහුණුකාරීත්වය යටතේයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button