ඕස්ට්‍රේලියානු තරගාවලිය උදෙසා තවත් යොවුන් තරුවක් ශ්‍රී ලංකා සංචිතයට

පසුගිය සමයේ ලංකා ප්‍රීමියර් ලීගයේ දස්කම් දක්වා කතාබහට ලක්වූ යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර හා ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු රුමේෂ් රත්නායක ශ්‍රී ලංකා සංචිතය සමග එක්ව තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරන්නේ ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකා සංචිතය සමග එක්වීම සදහා ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගිය බවයි.

ඒ අනුව නුවන් තුෂාර හා රුමේෂ් රත්නායක ඔස්ට්‍රේලියාවේදී ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්ව තිබේ.

අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔවුන් දෙදෙනාට මින්පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ සෙසු සාමාජිකයින් සමග පසුගිය 3 වැනිදා ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට නොහැකි වුනා.

මෙම තරගාවලියේදී T20 තරග පහක් පැවැත්වීමට නියමිත අතර, එහි පළමු තරගය එළඹෙන 11 වනදා පැවැත්වීමට නියමිතය.

තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්නත් ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වීමේ අරමුණින් හෙට දිනයේදී දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇති බවට වාර්තා වේ.

මේ අතර ට්‍රැවිස් හෙඩ් වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක ඩැනියල් සෑම්ස් ආදේශ කිරීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button