පළමු ඉනිමේ ලැබූ ලකුණු 132ක වාසිය සමගින් අවසන් ටෙස්ට් තරඟයේ එංගලන්තයට එරෙහිව ඉන්දියාව ප්‍රභල තත්වයකට.!

එක දිගටම ලබාගත් තුන්වැනි ටෙස්ට් ශතකය ලබාගත් ජොනී බෙයාර්ස්ටෝගේ පිතිහරඹය හේතුවෙන් ඉන්දියානුවන් හමුවේ පිට පිටම දෙවැනි වරටත් පන්දුවට පහර දීමේ අවමානයෙන් ගැලවුණු එංගලන්ත කණ්ඩායම සිය මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 284 ක් ලබා ගැනීමට සමත් වුනා.

කෙසේ නමුත් ඉන්දීය කණ්ඩායම සිය මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 416 ක් ලබාගත් හෙයින් ඉුන්දියාවට ලකුණු 132 ක පළමු ඉනිමේ වාසියක් ලැබිණ.

ඉන්දියාව සහ එංගලන්තය අතර තරග 5 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය ආරම්භ වූයේ පසුගිය වසරේ (2021) අගෝස්තු මාසයේදීය. තරගාවලියේ සිව්වැනි තරගය ජයගත් ඉන්දියානුවෝ තරගාවලියේදී 2-1 ක් ලෙසින් පෙරමුණ ගත්හ. ඉන්දියාව මෙම තරගයට පිවිසියේ තරගාවලියේ පෙරමුණේ සිටිමිනි.

කාසියේ වාසිය දිවාගත් එංගලන්තය පළමුවෙන් පන්දු යැවීම තෝරාගත් අතර ඉන්දීය කණ්ඩායමේ පළමු කඩුලු 5 ම ලකුණු 98 ක් තුළදී බිම දමාගත්තේය.

එහෙත් 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 222 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ රිෂාබ් පාන්ට් (146) සහ රවීන්ද්‍ර ජදේජා (104) ඉන්දීය පිල ලකුණු 320 ක් දක්වා ඉදිරියට ගෙන ගියහ. පසුව ජස්ප්‍රීට් බුම්රා සහ ජදේජා එක්ව කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 400 සීමාවෙන් ඔබ්බට තල්ලු කළහ.

ස්ටුවර්ට් බෝඩ්ගේ එක් පන්දුවාරයක් තුල ලකුණු 29 ක් උදුරාගැනීමට ජස්ප්‍රීට් බුම්ර සමත්වූ අතර එම පන්දුවාරය ඇතුළත් වූ වයිඩ් සහ නිපන්දු සමගින් ඕවරයෙන් තිළිණ කෙරුණු ලකුණු සංඛ්‍යා 35 ක් විය. වසර 145 ක ඉතිහාසයක් ඇති ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේදී එක පන්දුවාරයකින් ලබාගත් වැඩිම ලකුනු සංඛ්‍යාව එයයි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button