LPL තවතවත් උණුසුම් කරමින් වනිඳු හසරංග, චරිත් අසලංක නායකත්වය දරන Kandy Warriors හා එක් වෙයි.!

ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය තෙවන වරටත් පැවැත්වීමේ සියලු කටයුතු මේ වන විට සූදානම් කෙරෙමින් පවතින අතර ක්‍රිඩක වෙන්දේසිය ද හෙට සවස පැවැත්වීමට නියමිතයි.

මේ අතර අභ්‍යන්තර ක්‍රිකට් ආරංචි මාර්ග හරහා වාර්තා වන්නේ පසුගිය තරඟාවලින් හිදී Jaffna කණ්ඩායම නියෝජනය කරමින් තරඟ දිනවන්නකු ලෙස කටයුතු කළ නමුත් ඊයේ දිනයේදි විශේෂ ලිපියක් කළමනාකාරීත්වය වෙත යොමු කරමින් කණ්ඩායමෙන් ඉවත් වූ ශ්‍රී ලංකා සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග චරිත් අසලංක ක්‍රිඩා කරන Kandy Warriors කණ්ඩායම සමඟ එක් වී ඇති බවයි.

එමෙන්ම Kandy Warriors හි නායකත්වයද මෙවර චරිත් අසලංක විසින් දරනු ඇති බවට වාර්තා වනවා.

කෙසේ නමුත් මේ සම්බන්ධ නිල පුවතක් තවමත් වාර්තා වී නොමැති අතර මෙවර තරගාවලිය සඳහා Kandy Warriors කණ්ඩායමටත් අනුග්‍රහයයෙකු පැමිණ තිබෙන අතර පසුගිය තරගාවලියේදී IPG සමාගම විසින් Kandy කණ්ඩායම මෙහෙයවනු ලැබුවා.

කෙසේ නමුත් මෙවර අනුග්‍රහයකයකු ඉදිරිපත් වීමත් සමග ප්‍රබල ක්‍රීඩකයින් රැසකින් සමන්විතව ඉතා නැවුම් මුහුණුවරකින් Kandy කණ්ඩායම මෙවර තරගාවලියට ඉදිරිපත් වීමට නියමිතය.

වනිදු හසරංග සහ චරිත් අසලංක සැලකෙන්නේ පාසල් කාලයේ පටන්ම හොඳම යහළුවන් දෙදෙනෙකු ලෙස වන අතර ඔවුන් දෙදෙනාම ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ඉගෙනුම ලැබුවා.

එකළ රිච්මන්ඩ් විද්‍යාලිය කණ්ඩායමේ නායකයා ලෙස චරිත් අසලංක කටයුතු කරනු ලැබු අතර උප නායකයා ලෙස කටයුතු කරනු ලැබුවේ වනිඳු හසරංගයි.

පසුගිය තරඟාවලි පුරා සුපිරි දස්කම් දැක්වීමට සමත් වූ මෙම ක්‍රීඩකයින් දෙපළගේ විශිෂ්ට දස්කම් සමග Kandy Warriors කණ්ඩායම මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ පෙරළිකාරම කණ්ඩායමක් බවට පත්වනු ඇති බවට මේ වන විටත් විචාරකයන් මත පළ කරනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button