Smriti Mandhanaගේ සුපිරි පිතිකරණය හමුවේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 10ක දැවැන්ත පරාජයක්.!

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ සංචාරක ඉන්දීය කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ 3කින් සමන්විත එක්දින තරඟාවලිය 2-0ක් ලෙස තවත් තරඟයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට ඉන්දීය කාන්තා කණ්ඩායම අද සමත් වුනා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායිකාව ප්‍රථමයෙන් පන්දුවටපහර දීම සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ සියලු දෙනා දැවී රැස් කිරීමට සමත් වුයේ ලකුණු 173ක් පමණයි.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ අමා කාන්චනා ලකුණු 47ක් වාර්තා කිරීමට සමත් වුනා. නිලක්ෂි සිල්වා ලකුණු 32ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Renuka Singh කඩුලු 4ක් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 174ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ඉන්දීය කාන්තා පිතිකරුවන් පන්දුවාර 25.4ක් අවසානයේ කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 174ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.

ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Smriti Mandhana වෙගවත් ලකුණු 94ක් රැස් කල අතර Shafali Verma ලකුණු 71ක් රැස් කළා.

ඒ අනුව තවත් තරඟයක් ඉතිරිව තිබියදීම තරඟාවලිය ජයග්‍රහණය කිරීමට ඉන්දීය කාන්තා කණ්ඩායම සමත් වුනා.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button