ලොව පුරා නම් දැරූ ක්‍රිකට් තරු රැසකගේ සහබාගිත්වයෙන් පැවැත්වෙන LPL ක්‍රීඩක වෙන්දේසියට සියල්ල සුදානම්.!

ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය තෙවන වරටත් පැවැත්වීමේ සියලු කටයුතු මේ වන විට සූදානම් කෙරෙමින් පවතින අතර ක්‍රිඩක වෙන්දේසිය ද හෙට සවස පැවැත්වීමට නියමිතයි.

විදේශීය ක්‍රීඩකයින් 180ක් සහ දේශීය ක්‍රීඩකයින් (පළමු පෙළ, ජාත්‍යන්තර වරම් ලද මෙන්ම හිටපු ජාත්‍යන්තර වරම් ලද ක්‍රීඩකයින්) 173ක් සමඟින් සමස්ත ක්‍රීඩකයින් 353 දෙනෙකු ක්‍රීඩක කෙටුම්පත්කරණය (Draft) හරහා ඉදිරිපත් කරන අතර මෙම වෙන්දේසිය සඳහා LPL පාලන කමිටු නිලධාරීන් සහ කණ්ඩායම් හිමිකරුවන් (කළමනාකරණ මණ්ඩලය සහ පුහුුණුකරුවන්) සහභාගී වීමට නියමිතයි.

සවස 5 සිට ආරම්භ වීමට නියමිත මෙම වෙන්දේසිය සඳහා වට 20ක් ඇතුළත් අතර ඒ සඳහා ‘‘International Ruby,’ ‘International Sapphire,’ ‘International Diamond ‘A,’ සහ ‘B,’ සහ International Platinum ලෙස ක්‍රීඩකයින් කාණ්ඩ ගත කර තිබෙනවා.

එක් කණ්ඩායමක් සඳහා ක්‍රීඩකයින් 20 දෙනෙකු ඇතුළත් වන අතර ඒ අතරට දේශීය ක්‍රීඩකයින් 14ක් සහ විදේශීය ක්‍රීඩකයින් 6 දෙනෙකු ඇතුළත් විය යුතු අතර අවශ්‍ය නම් පමණක්, කණ්ඩායමක් සඳහා ක්‍රීඩකයින් 6 දෙනෙකු රඳවා තබා ගත හැකි අතර එහි දී මින් පෙර එම කණ්ඩායමේ සිටි දේශීය ක්‍රීඩකයින් 4 දෙනෙකු සහ විදෙස් ක්‍රීඩකයින් දෙදෙනෙකු රඳවා තබා ගැනීමට හැකියාව පවතිනවා.

මෙහිදී කණ්ඩායම් හිමිකරුවන් සඳහා වෙන්දේසියට පෙර Direct Sign යටතේ දේශීය ක්‍රීඩකයින් දෙදෙනෙකු සහ විදේශීය ක්‍රීඩකයින් දෙදෙනෙකු කලින්ම කණ්ඩායම සඳහා ඇතුළත් කර ගත හැකි අතර ඉතිරි ක්‍රීඩකයින් සියලු දෙනා වෙන්දේසිය තුලින් තෝරා ගත යුතු වනවා.

LPL 2022 තරගාවලිය ජූලි 31 වැනිදා සිට අගෝස්තු 21 වැනිදා දක්වා අදියර දෙකක් යටතේ පැවැත්වීමට නියමිත අතර තරගාවලියේ පළමු කොටස ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දීත්, දෙවැනි කොටස හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දීත් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button