යොවුන් ක්‍රිඩක දුනිත් වෙල්ලාලගේව LPL 2022 ක්‍රිඩක වෙන්දේසියටත් පෙරම Jaffna Kings මිලදී ගනී.!

ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය තෙවන වරටත් පැවැත්වීමේ සියලු කටයුතු මේ වන විට සූදානම් කෙරෙමින් පවතින අතර ක්‍රිඩක වෙන්දේසිය ද හෙට සවස පැවැත්වීමට නියමිතයි.

මේ අතර එක් කණ්ඩායමකට දේශීය ක්‍රීඩකයින් හය දෙනෙකු සහ විදේශීය ක්‍රිඩකයන් තිදෙනෙකු රඳවා ගැනීමට අවස්ථාව හිමිව තිබෙනවා.

ඒ අනුව මේ වනවිටත් කණ්ඩායම් විසින් සිය ක්‍රීඩකයින් ක්‍රිඩක වෙන්දේසියට පෙර මිලදී ගැනීම සිදු කරනවා.

එහිදී පසුගියදා එක්දින වරම් හිමිකර ගත් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේව ක්‍රිඩක වෙන්දේසියට පෙරම මිලදී ගැනීමට Jaffna Kings කණ්ඩායම කටයුතු කර තිබෙනවා.

LPL තරගාවලිය පැවැති තරගවාර දෙකෙහිදීම ශූරතාව ජයග්‍රහණය කළ Jaffna කණ්ඩායමේ ප්‍රධාන තුරුම්පුව බවට පත්වූ වනිදු හසරංග මෙවර එම කණ්ඩායමෙන් ඉවත් වූවා.

මේ වන විට Jaffna Kings කණ්ඩායම ධනංජය සිල්වා සහ දුනිත් වෙල්ලාලගේව මෙලෙස ක්‍රිඩක වෙන්දේසියට පෙරම මිලදී ගැනීමට කටයුතු කළා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button