දසුන් ශානක, මොහොමඩ් රිස්වාන්, භානුක රාජපක්ෂ ඇතුළු දැවැන්තයන් සමග දඹුල්ල කණ්ඩායම ක්‍රීඩක වෙන්දේසියටත් පෙරම ප්‍රභල තත්වයක.!

ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය තෙවන වරටත් පැවැත්වීමේ සියලු කටයුතු මේ වන විට සූදානම් කෙරෙමින් පවතින අතර ක්‍රිඩක වෙන්දේසිය ද මිට සුළු මොහොතකට පෙර ආරම්භ වුවා.

කෙසේ නමුත් අද ක්‍රීඩක වෙන්දේසියට පෙරම කණ්ඩායම් විසින් සිය ක්‍රීඩකයන් මිලදී ගැනීම ආරම්භ කර තිබු අතර ඒ අනුව එක් කණ්ඩායමකට දේශීය ක්‍රීඩකයන් 6ක් සහ විදේශීය ක්‍රීඩකයන් 3ක් රඳවා ගැනීමේ අවස්ථාව හිමි වුනා.

ඒ අනුව අද සවස ක්‍රීඩක වෙන්දේසිය ආරම්භ වීමටත් පෙර ප්‍රභල ක්‍රීඩකයන් රැසක් රඳවා ගනිමින් ප්‍රභල තත්වයක සිටීමට දඹුල්ල කණ්ඩායම සමත් ව තිබෙනවා.

දඹුල්ල හි නායකත්වය ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක දසුන් ශානක විසින් මෙහෙයවන අතර මේ වන විටත් ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂ, පකිස්ථාන සුපිරි ආරම්භක පිතිකරු මොහොමඩ් රිස්වාන්, රමේෂ් මෙන්ඩිස් , Ben Cutting, නුවන් ප්‍රදීප් සහ තරිඳු රත්නායක මෙලෙස ක්‍රීඩක වෙන්දේසියට පෙරම රඳවා තබා ගැනීමට සමත් ව සිටිනවා.

මෙහිදී කැපී පෙනෙන මිලදී ගැනීම් ලෙස පසුගිය වර අනුශුරතාවය කරා Galle Gladiators මෙහෙයවූ නායක භානුක රාජපක්ෂ සහ මේ වන විට ලෝක විස්සයි-20 ශ්‍රේණිගත කිරීම් හි දෙවන ස්ථානයේ පසුවන මොහොමඩ් රිස්වාන් හැඳින්විය හැක.

ඉතා ශක්තිමත් අනුග්‍රහයක්ත්වයක් සමග මෙවර LPL සටන් බිමට පිවිසෙන දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම සිය ආධිපත්‍ය පැතිරවීම මේ වන විටත් ආරම්භ කර ඇත.

ක්‍රිඩක වෙන්දේසිය ද මිට සුළු මොහොතකට පෙර ආරම්භ වු අතර ඒ සම්භන්ද වැඩි විස්තර බලාපොරොත්තු වන්න.

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button