ICC ශ්‍රේණිගත කිරීම්හි ඉහළින්ම සිටින ශ්‍රී ලාංකීය පිතිකරුවා පැතුම් නිස්සංකව කිසිදු LPL කණ්ඩායමක් මිලදී නොගනී.!

ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය තෙවන වරටත් පැවැත්වීමේ සියලු කටයුතු මේ වන විට සූදානම් කෙරෙමින් පවතින අතර ක්‍රිඩක වෙන්දේසිය ද අද සවස ආරම්භ වුවා.

කෙසේ නමුත් අද ක්‍රීඩක වෙන්දේසියට පෙරම කණ්ඩායම් විසින් සිය ක්‍රීඩකයන් මිලදී ගැනීම ආරම්භ කර තිබු අතර ඒ අනුව එක් කණ්ඩායමකට දේශීය ක්‍රීඩකයන් 6ක් සහ විදේශීය ක්‍රීඩකයන් 3ක් රඳවා ගැනීමේ අවස්ථාව හිමි වුනා.

කෙසේ නමුත් මේ වන විට පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසිය ඉතා උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙන අතර ලොව පුරා නම් දැරූ ක්‍රීඩකයන් කිහිපදෙනෙකුම මෙම ක්‍රීඩක වෙන්දේසියේ දී අලෙවි වී තිබෙනවා.

කෙසේ නමුත් ICC විස්සයි-20 ශ්‍රේණිගත කිරීම් හි ඉදිරියෙන්ම සිටින පිතිකරුවා වන පැතුම් නිස්සංක ව මිලදී ගැනීමට කිසිදු කණ්ඩායමක් කටයුතු නොකිරීම කැපී පෙනෙන සිදුවීමක් වූ අතර පසුගිය කාල සිමාවේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ පැතුම් නිස්සංක මෙලෙස ප්‍රතික්ෂේප වීම විශ්මයජනකය.

එමෙන්ම පැතුම්ගේ මානසික මට්ටමට ද එය එතරම් යහපත් නොවනු ඇත.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button