පැතුම් නිස්සංක ඇතුළු LPL අවස්ථාව අහිමි වූ දක්ෂයන් වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරියට එයි.!

ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය තෙවන වරටත් පැවැත්වීමේ සියලු කටයුතු මේ වන විට සූදානම් කෙරෙමින් පවතින අතර ක්‍රිඩක වෙන්දේසිය ද අතිසාර්ථකව ඊයේ අවසන් වුනා.

කෙසේ නමුත් මේ කෙටුම්පත්කරණය අවසානයේ දී ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක, අකිල දනංජය, ලහිරු කුමාර, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් ජනිත් ඇතුළු තවත් නැගී එන ක්‍රීඩකයින් රැසක් ඇතුළත්ව නොසිටීම ගැන සමාජ මාධ්‍යජාලා තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා.

එලෙස ස්ථානය අහිමි වූ ක්‍රීඩකයන් වෙනුවෙන් ක්‍රියාමාර්ගයක් ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කල අතර ඒ අනුව මෙම කණ්ඩායම් 5ට තවත් එක් ක්‍රීඩකයකු බැගින් ක්‍රීඩකයන් 5ක් තෝරා ගැනීමේ අවස්ථාව ලබා දීමට කටයුතු කර තිබෙනවා.

කෙසේ නමුත් මෙම ක්‍රීඩක වෙන්දේසියේ දී අවිශ්ක ප්‍රනාන්දු සහ කුසල් ජනිත් සහබාගි නොවූ අතර ඔවුන් දෙදෙනාටම ඔවුන්ගේ අබාධ තත්වයන් හේතුවෙන් මෙවර තරඟාවලිය අහිමි වී යනු ඇත.

එලෙස අවස්ථාව හිමි වීමට වැඩිම ඉඩ කඩක් ඇති ක්‍රීඩකයන්

පැතුම් නිස්සංක
කුසල් පෙරේරා (INJURY)
අවිශ්ක ප්‍රනාන්දු (INJURY)
ඔෂද ප්‍රනාන්දු
ලහිරු මදුශංක
අකිල ධනංජය
ලහිරු කුමාර
ප්‍රබත් ජයසුරිය
කසුන් රාජිත
අසිත ප්‍රනාන්දු

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button