Kandy Falcons නායකත්වය වනිදු හසරංගට උපදේශක තනතුර සනත් ජයසූරියට – Kandy Falcons කළමණාකාරීත්වය තහවුරු කරයි.!

ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය තෙවන වරටත් පැවැත්වීමේ සියලු කටයුතු මේ වන විට සූදානම් කෙරෙමින් පවතින අතර ක්‍රිඩක වෙන්දේසිය ද අති සාර්ථක අයුරින් පසුගිය දා අවසන් වුවා.

මේ අතර පසුගිය තරඟවාරයන් හිදී IPG සමාගම විසින් මෙහෙය වූ Kandy කණ්ඩායමට මෙවර දැවැන්ත අනුග්‍රහයකත්වයක් සමග ප්‍රභල ලෙස මෙවර තරඟාවලියට ප්‍රවිෂ්ට වී සිටී.

Kandy Falcons හි හිමිකාරත්වය දරනු ලබන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘Pacific Ventures & Pacific Sports Club’ යන සමාගම් හිමි ඉන්දියනු ජාතික ව්‍යාපාරික “Pravez Khan” විසිනි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Abudhabi T10 ලීගයට මීට පෙර ක්‍රීඩා කළ ‘Maratha Arabians’ කණ්ඩායමේද සම හිමිකරුවෙකු (Co-Owner) ලෙස Pravez Khan කටයුතු කරනු ලැබීය.

මේ අතර මීට සුලු මොහොතකට පෙර ශ්‍රී ලංකාවෙන් බිහි වූ පුරාවෘත්ත ගනයේ ක්‍රිඩකයකු වන සනත් ජයසූරිය මහතාව Kandy Falcons කණ්ඩායමේ උපදේශක ලෙස පත් කර තිබෙන බව ඒ මහතා තහවුරු කර සිටියා.

එමෙන්ම Kandy Falcons කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ශ්‍රී ලංකා සුපිරි තුන් ඉරියව් ක්‍රිඩක වනිඳු හසරංග හට හිමිව තිබෙන බව කණ්ඩායම් කළමනාකාරිතවය තහවුරු කරනු ලැබුවා.

ඒ අනුව මෙවර LPL 2022 තරඟාවලියේදි Kandy Falcons කණ්ඩායම වනිඳු හසරංගගේ නායකත්වය යටතේ සහ සනත් ජයසූරියගේ මගපෙන්වීම යටතේ සිය කුසලාන චාරිකාව ඇරඹීමට නියමිතය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button