නිරෝෂන් දික්වැල්ල අතහැරි පහසු ස්ටම්ප් කිරීම සිය වාසියට හරවා ගත් Marnus Labuschagne සිය 7වන ටෙස්ට් ශතකය වාර්තා කරයි.!

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අද ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාන්ගනයේදී ආරම්භ වුවා.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමටතීරණය කළ අතර ඒ අනුව මේ වන විට ඕස්ට්‍රේලියානු පිතිකරුවන් පිටියට පිවිස සාර්ථකව සිය ඉනිම ගොඩ නගමින් සිටිනවා.

එහිදී ඕස්ට්‍රේලියානු අංක 3 පිතිකරු ලෙස පිටියට පිවිසි Marnus Labuschagne ලකුණු 28ක් ලබා සිටියදී රමේෂ් මෙන්ඩිස්ගේ පන්දුවක් හමුවේ ලැබුණු පහසු ස්ටම්ප් කිරීමක් අහිමිව ගියේ ශ්‍රී ලංකා කඩුලු නිරෝෂන් දික්වැල්ලට පන්දුව හේතුවෙනි.

එය සිය වාසියට හරවාගත් Marnus Labuschagne සිය 7වන ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත් වුනා. අනතුරුව ලකුණු 104ක් ලබා සිටියදී ප්‍රභාත් ජයසුරිය යැවූ පන්දුවක් හමුවේ ඔහු දැවී ගියේ නිරෝෂන් දික්වැල්ලගේම ස්ටම්ප් කිරීමකින් වීම විශේෂත්වයක්.

Marnus Labuschagne ලකුණු 28ක් ලබා සිටියදී නිරෝෂන් දික්වැල්ල අතින් ගිලිහුණු ස්ටම්ප් කිරීම පහතින්

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button