Labuschagneගේ සහ Steve Smithගේ විශිෂ්ට ශතක පිතිකරණය සමගින් දෙවන ටෙස්ට් තරගයේ පළමු දිනයෙ වැඩි ගෞරවය ඕස්ට්‍රේලියාවට.!

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අද ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාන්ගනයේදී ආරම්භ වුවා.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමටතීරණය කළ අතර ඒ අනුව මේ වන විට ඕස්ට්‍රේලියානු පිතිකරුවන් පිටියට පිවිස සාර්ථකව සිය ඉනිම ගොඩ නගමින් සිටිනවා.

මේ අතර සිය මංගල ටෙස්ට් තරගයට සහභාගි වන ප්‍රභාත් ජයසූරිය, වෙහෙසකර පන්දු යැවීමක නිරත වෙමින්, එක දිගට පන්දුවාර 16 ක් යවා කඩුලු 3 ක් දවාගත්තේය.

එහෙත් අලංකාර ශතක දෙකක් ලබාගත් මානස් ලැබුෂේන් (104) සහ ස්ටීවන් ස්මිත් (නොදැවී 109) දෙදෙනා ගාල්ලේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය අවසන් වන විට ගෞරවනීය ස්ථානයක් කරා ඕස්ට්‍රේලියාව ඔසවා තැබූහ.

වෝන් – මුරලි කුසලාන තරගාවලියේ දෙවැනි තරගය වන මෙම තරගයේ පළමු දිනය අද (08) සවස නතර කරන විට ඕස්ට්‍රේලියානුවෝ කඩුලු 5 ක් දැවී ලකුණු 298 ක් ලබා සිටියහ. මෙම ලකුණු සංඛ්‍යාවෙන් 71.47 % ක ප්‍රමාණයක් ස්මිත් සහ ලැබුෂේන් ලබාගත් ඒවාය.

ලැබුෂේන් සමගින් එක්ව තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 134 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ ස්මිත්, විනාඩි 269 ක් පුරා සිය කඩුල්ල ආරක්‍ෂා කරගනිමින් පන්දු 212 කට මුහුණ දී ඒවායින් 14 ක් හතරේ සීමාවෙන් එපිටට යැවීය.

වසර 2004 දී පැවැති ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්‍රලියාව අතර පැවැති ටෙස්ට් තරගාවලියෙන් පසුව කිසිම ඕස්ට්‍රේලියානු පිතිකරුවකු ගාල්ල ක්‍රීඩාංගණය්දී ශතකයක් ලබාගෙන නොතිබිණ. මුත්තයියා මුරලිදරන් මෙන්ම ෂේන් වෝන් ද ක්‍රීඩා කළ 2004 ටෙස්ට් තරගයේදී මැතිව් හේඩ්න් (130), ඩේමියන් මාටින් (110) සහ ඩැරන් ලීමන් (129) තිදෙනාම ශතක ලබාගත්හ. මුරලිදරන් සහ වෝන් දෙදෙනාම කඩුලු 10 ක් බැගින් ලබාගත්හ.

ප්‍රභාත් ජයසූරිය සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා අද දිනයේ බිඳවැටුණු කඩුලු 5 න් 4 ක හිමිකරුවන් වූ නමුත්, ඕස්ට්‍රේලියානුවෝ ඔවුන් දෙදෙනාගෙන් ලකුණු 190 ක් උදුරාගත්හ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button