ටෙස්ට් වරම් හිමි කර ගනිමින් සිය මංගල ටෙස්ට් තරඟයට ක්‍රීඩාකරන මහිෂ් තීක්ෂණට Chennai Super Kings කණ්ඩායමෙන් සුභ පැතුම්.!

ශ්‍රී ලංකාව සහ සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ දෙවන සහ අවසන් තරඟය අද දිනයේදී ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වුනා.

1-0ක් ලෙස ඕස්ට්‍රේලියානුවන් තරඟාවලියේ පෙරමුණේ පසුවන අතර පළමු දිනය අවසන් වන විට ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 298ක් රැස් කරමින් තවමත් පිතිකරණයේ යෙදෙනවා.

මේ අතර පසුගිය පළමු ටෙස්ට් තරඟයේ දී දැඩි අසාර්ථක ක්‍රිඩා විලාසයක් පෙන්වු ශ්‍රී ලංකා දඟ පන්දු බලඇණිය සම්බන්ධයෙන් දැඩි තීන්දු කිහිපයක් ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කල අතර ඒ අනුව මෙම තරඟයට මහිෂ් තීක්ෂණ, ප්‍රභාත් ජයසුරිය සහ කමිදු මෙන්ඩිස් කැඳවීමට කටයුතු කර තිබුනා.

ඒ අනුව අද දිනයේදී 161වන ටෙස්ට් ක්‍රීඩකයා ලෙස ටෙස්ට් වරම් හිමිකර ගැනීමට මහීෂ් තීක්ෂණ සමත් වුවා.මහීෂ් තීක්ශන පසුගිය ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී Chennai Super Kings කණ්ඩායම නියෝජනය කළා.

මහීෂ්ගේ පලමු ටෙස්ට් තරඟය වෙනුවෙන් CSK මෙලෙස සුබ පැතුම් එක් කර තිබුණා.

Chennai Super Kings කණ්ඩායම සුභ පැතුම් එක්කර තිබුනේ මෙලෙසිනි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button