2011 වසරේදී TM ඩිල්ෂාන්ගේ සහ උපුල් තරංගගේ වාර්තාගත පිතිකරණය හේතුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියේ ලැබූ පරාජයට පසු එංගලන්තය ලැබූ දැවැන්තම පරාජය ඉන්දියාව ඉදිරියේ ලබයි.!

එංගලන්ත කණ්ඩායම සහ සංචාරක ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ 3කින් සමවිත එක්දින තරඟාවලියේ පළමු තරඟයෙන් කඩුලු 10ක විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කරමින් 1-0ක් ලෙස තරඟාවලිය පෙරමුණ ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුනා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායකයා ප්‍රථමයෙන් පන්දුවටපහර දීම සඳහා එංගලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම 25.2ක් අවසනයේ සියලු දෙනා දැවී රැස් කිරීමට සමත් වුයේ ලකුණු 110ක් පමණයි.

එංගලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නායක Jos Buttler ලකුණු 30ක් රැස් කල අතර David Willey ලකුණු 21ක් සහ Brydon Carse ලකුණු 15ක් රැස් කලා.

පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ Jasprit Bumrah කඩුලු 6ක් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 111ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ඉන්දීය පිතිකරුවන් පන්දුවාර 18.4ක් අවසානයේ කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 114ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.

ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නායක Rohit Sharma පන්දු 58ක් තුල වෙගවත් ලකුණු 76ක් රැස් කල අතර Shikhar Dhawan ලකුණු 31ක් රැස් කළා.

තරඟාවලියේ වීරයා සම්මානය Jasprit Bumrah හට හිමි වුනා. එමෙන්ම මෙම තරඟය ඉතිහාසයට එක් වුයේ 2011 වසරේදී තිලකරත්න ඩිල්ෂාන්ගේ සහ උපුල් තරංගගේ වාර්තාගත පිතිකරණය හේතුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියේ ලැබූ පරාජයට පසු එංගලන්තය ලැබූ දැවැන්තම පරාජය ලෙසයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button