භානුක රාජපක්ෂගෙන් හිස් වූ Galle Gladiators කණ්ඩායමේ නායකත්වයට කුසල් මෙන්ඩිස් පත් කෙරේ.!

ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය තෙවන වරටත් පැවැත්වීමේ සියලු කටයුතු මේ වන විට සූදානම් කෙරෙමින් පවතිනවා.

LPL තරඟාවලිය ආරම්භයේ පටන්ම සාර්ථකම කළමනාකාරිත්වය හිමි කණ්ඩායම බවට පත්වූ Galle Gladiators කණ්ඩායමේ නායකත්වයට මෙවර කුසල් මෙන්ඩිස් පත් කර තිබෙනවා.

පසුගිය වර තරඟාවලි හිදී Galle Gladiators කණ්ඩායම මෙහෙයවනු ලැබුවේ භානුක රාජපක්ෂ වන අතර Galle Gladiators කණ්ඩායම පසුගිය තරඟාවලි දෙකෙහිම අවසන් මහා තරඟයට ප්‍රවිෂ්ට වූ අතර එම අවස්ථා දෙකෙහිම අනුශුරයන් ලෙස තරඟාවලිය අවසන් කිරීමට ඔවුන්ට සිදු වුනා.

කෙසේ නමුත් මෙවර භානුක රාජපක්ෂ Dambulla Giants කණ්ඩායම හා එක් වීමත් සමග හිස් වූ නායකත්වයට කුසල් මෙන්ඩිස් ව පත් කර තිබෙනවා.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button