පාකිස්තානයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට තවත් යොවුන් තරුවක් එක්වේ!

සංචාරක පාකිස්තාන කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කළා.

දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 18 දෙනෙකු ඇතුළත් කර තිබේ.

මෙම සංචිතයේ විශේෂත්වය වන්නේ යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේටත් ටෙස්ට් සංචිතයේ අවස්තාවක් ලබා දීමයි. ඕස්ට්‍රේලියාව සමග දෙවන ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ මහීෂ් තීක්ෂණටත් සංචිතයේ ස්ථානයක් වෙන් කර තිබේ.

කෙසේ වෙතත් ඔස්ට්‍රේලියාවට එරෙහිව නිමා වූ ටෙස්ට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටි චාමික කරුණාරත්න, ප්‍රවීන් ජයවික්‍රම හා ලසිත් ඇඹුල්දෙණිය මෙම සංචිතයට නම් කර නොතිබීම විශේෂත්වයක්.

එම තරගාවලියේ දෙවැනි තරගයේදී කඩුලු 12ක් දවා ගනිමින් දස්කම් දැක්වූ දග පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය සංචිතයට ඇතුලත් කර තිබේ.

තරග දෙකකින් යුත් මෙම තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවයේ තරග දෙකක් වනවා. ශ්‍රී ලංකාව දැනට ලෝක ටෙස්ට් ශූරතාවලි ප්‍රසාද ලකුණු සටහනේ තෙවන ස්ථානය හිමිකර සිටියි

තරගාවලියේ පළමු ටෙස්ට් තරගය එළඹෙන 16 වැනිදා සිට 20 වැනිදා දක්වා ගාල්ලේදීත්, දෙවැනි ටෙස්ට් තරගය කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී ජූලි 24 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා සංචිතය –

දිමිත් කරුණාරත්න (C), පැතුම් නිස්සංක, ඔෂධ ප්‍රනාන්දු, ඇන්ජලෝ මැතිවුස්, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, කමිදු මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල (Wk), දිනේෂ් චන්දිමාල්, රමේෂ් මෙන්ඩිස්, මහීෂ් තීක්ෂණ, කසුන් රාජිත, විශ්ව ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු, දිල්ෂාන් මදුෂංක, ප්‍රභාත් ජයසූරිය, දුනිත් වෙල්ලාලගේ, ජෙෆ්‍රී වැන්ඩර්සේ

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button