අර්ජුන වැඩ අරඹයි – ක්‍රිකට් උප සභාපති රවීන් වික්‍රමරත්නගේ වරප්‍රසාදයක් ඉවත් කෙරේ! (EXCLUSIVE)

හිටපු නායක සහ ක්‍රිකට් සභාපති අර්ජුන රණතුංග මහතා පසුගියදා ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා ලෙස පත්වීම් ලැබූවා. ඒ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසිනි.

මෙලෙස වැඩ භාරගත් අර්ජුන රණතුංග, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන්ම සිය රාජකාරී අරඹා තිබෙන බවට ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කර සිටිනවා.

මේ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති රවීන් වික්‍රමරත්න මහතාට, ආසියානු කුසලානය සඳහා තරගාවලි අධ්‍යක්ෂකවරයා ලෙස ලැබූ පත්වීම ක්‍රීඩා අමාත්‍යංශයෙන් මෙතෙක් අනුමත කර නොමැති බව Cricket Glory වෙබ් අඩවියට වාර්තා වේ.

සිය පත්වීමට අනුව රවීන් වික්‍රමරත්න හැකි ඉක්මනින් එක්සත් අරාබි ඒමීර් රාජ්‍යය බලා පියාසර කළ යුතුවේ. ඒ ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නියෝජනය කරමින් හිමි වූ තරගාවලි අධ්‍යක්ෂක තනතුරේ රාජකාරී කිරීම උදෙසාය.

රවීන් වික්‍රමරත්නගේ මෙම සංචාරය උදෙසා ක්‍රීඩා අමාත්‍යංශය විසින් තවමත් අනුමැතිය ලබා දී නැත. අභ්‍යන්තර වාර්තා පවසන්නේ ඒ සඳහා අර්ජුන රණතුංග සභාපතිවරයා මැදිහත් වී ඇති බවයි.

පසුගියදා ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුව අර්ජුන රණතුංග ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ආසියානු කුසලානය අහිමි කර ගැනීම පිළිබඳව පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත්, ඇතැම් නිළධාරීන් විදෙස් සංචාර යෑමේ බලාපොරොත්තුවෙන් එවැනි කටයුතු කරනවාදැයි සොයා බැලිය යුතු බවය.

මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකයෙකු පැවසූවේ

“අර්ජුන රණතුංග සභාපතිවරයාගේ මෙම හැසිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට ඉතා නරක ලෙස බලපාවී. ජාතික ක්‍රීඩා කවුන්සලයේ සභාපතිවරයා ලෙස ඔහුගේ වගකීම රටේ ක්‍රීඩාව දියුණු කිරීමයි. මේ වගේ සිදුවීම් වුනොත් සමස්ත ක්‍රිකට් ක්‍රීඩාවම බිඳ වැටේවි. අර්ජුනට රවීන් සමග පුද්ගලික ගැටලු මෙවැනි දේ සඳහා පාදක කර ගැනීම ඉතා නරක ක්‍රියාවක්” යනුවෙනි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button