ශ්‍රී ලංකා ක්‍රිකට් නායකත්වය කුසල් මෙන්ඩිස්ට ලබා දීමේ අභ්‍යන්තර මෙහෙයුමක් ?

ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කළ ආරාධිත T20 ලීගය ඊයේ අවසන් වුනා.

ඒ SLC Blues කණ්ඩායමට එරෙහිව පැවති අවසන් මහා තරගයෙන් SLC Reds කණ්ඩායමට ජය අත්කර දෙමින්.

තරගාවලිය ආරම්භයේදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නම් කළ සංචිත වලින් ප්‍රබලතම සංචිතය නම් කර තිබුනේ SLC Reds කණ්ඩායමටයි.

වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, මතීෂ පතිරණ, දුනිත් වෙල්ලාලගේ, අසිත ප්‍රනාන්දු වැනි ජාතික කණ්ඩායම නියෝජනය බහුතරයක් පන්දු යවන්නන් රෙඩ්ස් කණ්ඩායමට ඇතුලත් කර තිබූ අතර එහි නායකත්වය කුසල් මෙන්ඩිස්ට ලබා දී තිබුනා.

බොහෝ දෙනෙක් අනුමාන කළ පරිදිම කණ්ඩායම් හතරක් ක්‍රීඩා කළ තරගාවලියේ ජය SLC Reds කණ්ඩායම පහසුවෙන් ලබා ගත්තා.

මේ සමගම කුසල් මෙන්ඩිස්ගේ නායකත්වය පිළිබඳවද කතාබහක් සමාජජාලා මාධ්‍යයන්ගේ ඇතිව තිබෙනා අතර, ඒ සම්බන්ධයෙන් බොහෝ දෙනා අදහස් දක්වා තිබනේ ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගත නායකත්වය කුසල් මෙන්ඩිස්ට ලබා දීමේ මෙහෙයුමක ප්‍රතිඵලයක් විය හැකි බවයි.

කුසල් මෙන්ඩිස් යනු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දීර්ඝ කාලීන ව්‍යාපෘතියක් ලෙස ගොඩ නැගූ ක්‍රීඩකයෙකු වන අතර ඔහු අසාර්ථක වූ සමයේත් ක්‍රිකට් ආයතනය විසින් ඔහුට අවස්තාව ලබා දි රැක ගත්තා.

එමෙන්ම යම් විනය විරෝධි ක්‍රියාවකට ඔහු හසුවු අවස්තාවන්හිදීත් ඔහුට ලබා දුන් දඬුවම් ලිහිල් කිරීමටත් ක්‍රිකට් ආයතනය කටයුතු කළා.

ඒ අනුව කුසල් මෙන්ඩිස්ට ලඟදීම ශ්‍රී ලංකා නායකත්වය ලබා දිය හැකි බවත් ඔවුන් පෙන්වා දී තිබුනා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button