TM ඩිල්ෂාන්, සනත් ජයසුරිය, කුලේ ප්‍රමුඛ අපේ ලෙජන්ඩ්ස්ලා යළි පිටියට බහින “Legends ලෝක ශූරතාවලිය” ඇරඹෙන දිනය මෙන්න!

ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත් හිටපු සුපිරි තරු ක්‍රීඩා කරන Road Safety Legends තරගාවලියේ දෙවැනි අදියර එළඹෙන සැප්තැම්බර් 10 වැනිදා සිට ඉන්දියාවේ දී ආරම්භ වන නිවේදනය කර තිබේ.

තරගාවලිය මේ වසරේ පෙබරවාරි මස පැවැත්වීමට තිබුනත් වීව්ධ හේතුන් නිසා තරගාවලිය ආරම්භ වන දිනය කල් ගියා.

මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම් අටක් සහභාගී වන බව තරගාවලි සංවිධායකයන් ප්‍රකාශ කරනවා. පසුගිය තරගාවලියට එක් නොවූ නවසීලන්ත Legends කණ්ඩායම මේ වසරේ ක්‍රීඩා කිරීමට නියමිතයි.

පසුගිය තරගාවලියේ අනුශූරතාවය දිනා ගත්තේ ටී.එම් ඩිල්ෂාන් විසින් මෙහෙය වූ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමයි. මෙවර ශ්‍රී ලංකා කණ්ඩායමට අසේල ගුණරත්න, ඩිල්ෂාන් මුණවීර, දිල්රුවන් පෙරේරා වැනි නවක තරු එක්වන බවත් සඳහන්.

ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායකත්වය සුපිරි ක්‍රීඩක සනත් ජයසූරිය විසින් දැරීමට නියමිතයි. පසුගිය තරගාවලියේ ක්‍රීඩා කළ උපුල් තරංග, නුවන් කුලසේකර වැනි සුපිරි ක්‍රීඩකයින් මෙවරත් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම නියෝජනය කරනු ඇති බවට වාර්තා වෙනවා.

මෙවරත් ශ්‍රි ලංකා කන්ඩායමේ කළමනාකරු ලෙස ශ්‍යාම් ඉම්පෙට් කටයුතු කරනු ඇත. රසල් ආර්නෝල්ඩ්ගේ සහභාගීත්වය තවමත් තහවුරු කර නැහැ.

Road Safety Legends ලෝක ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව, දකුණු අප්‍රිකාව, ඕස්ට්‍රේලියාව, එංගලන්තය, නවසීලන්තය, බටහිර ඉන්දීය කොදෙව් දූපත් සහ බංග්ලාදේශය නියෝජනය කරමින් කණ්ඩායම් සහභාගී වීමට නියමිතයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button