ආසියානු කුසලාන අවසන් මහා තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම

මෙරට ක්‍රිකට් රසිකයන් නොඉවසිල්ලෙන් බලා සිටිනා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වේ.

ශ්‍රී ලංකාවත් සහ පකිස්තානයත් අතර ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු හතයි තිහට පැවැත්වීමට නියමිතය.

ආසියානු කුසලානයේ සාර්ථකම කණ්ඩායමක් වන ශ්‍රී ලංකාව මේ දක්වා ආසියානු කුසලාන පහක් ජයග්‍රහණය කර තිබේ. පකිස්තානය ආසියානු කුසලාන දිනා ඇත්තේ අවස්ථා දෙකකදී පමණයි. ඉන්දීය කණ්ඩායම අවස්තා 07 කදී ආසියානු කුසලානයේ ශූරතාව දිනාගෙන තිබේ.

අද තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා ඉහළ මානසික සුදානමකින් පසුවන බව නායක දසුන් ශානක පවසනවා. අද තරගයට ක්‍රීඩා කරන ශ්‍රි ලංකා කණ්ඩායමේ අවසන් ක්‍රීඩකයන් 11 දෙනා පිළිබඳව වාර්තා වන්නේ බොහෝ විට පසුගිය පාකිස්තානය සමග ක්‍රීඩා කළ ක්‍රීඩකයන් 11 දෙනාම ක්‍රීඩා කළ හැකි බවයි.

පිත්තෙන් අසාර්ථක වූවත් පන්දුවෙන් දස්කම් දැක්වූ නිසා ධනංජය ද සිල්වා අද තරගයට ක්‍රීඩා කළ හැකියි. ප්‍රමෝද් මදුෂාන්ටද අද තරගයේ අවස්තාවක් හිමි විය හැකි බවට වාර්තා වෙනවා.

පාකිස්තානය වෙනුවෙන් හසන් අලී වෙනුවට යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක නසීම් ෂා ක්‍රීඩා කිරීමට නියමිතයි. පසුගිය තරගයට ක්‍රීඩා නොකළ නසීම් ෂා තරගාවලියේ සාර්ථකම වේග පන්දු යවන්නාද වෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button