මහේලට අම්බානිගෙන් උසස් වීමක් – මුම්බායි ඉන්ඩියන්ස් පවුලෙන් මහේලට හමුවු අලුත්ම තනතුර!

මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසට කටයුතු කළ හිටපු ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන එම තනතුරින් ඉවත් වී තිබේ.

ඒ මුම්බායි ඉන්ඩියන්ස් හිමිකරු මුකේෂ් අම්බානි විසින් ඔහුට ලබා දුන් නව තනතුරක් හේතුවෙනි.

මේ අනුව අම්බානි පවුලට අයත් ලොව පුරා සියලූම ෆ්‍රැන්චයිස් කණ්ඩායම් වල දක්ෂතා අංශයේ ප්‍රධානී (Head of performance) තනතුරට මහේල ජයවර්ධන පත් කර තිබේ.

මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට ඉන්දීය ප්‍රීමියර් ලීගය මෙන්ම තවත් ලොව පුරා ලීග කිහිපයකම කණ්ඩායම් හිමිය.

ඔවුන් ලංකා ප්‍රීමියර් ලීගයේත් කණ්ඩායමක් මිලට ගැනීමේ සුදානමක් පවතින බව පසුගිය සමයේ වාර්තා විය. මෙම කණ්ඩායම් සියල්ලේම ප්‍රධානීත්වය මහේල ජයවර්ධනට පැවරී තිබේ.

නව තනතුර සමග මහේල ජයවර්ධන වසරේ වැඩි කාලයක් මුම්බායි ඉන්ඩියන්ස් සමග ලොව පුරා කටයුතු කිරීමට සිදුවන අතර ඔහුගේ වැටුපද වැඩි කර තිබෙන බවත් වාර්තා වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button