ලෝක කුසලාන සංචිතයට ක්‍රීඩා ඇමතිවරයාගේ අනුමැතිය හිමි වේ – සංචිතය නිවේදනය අද

ඕස්ට්‍රේලියාවේදි පැවැත්වීමට නියමිත T20 ලෝක කුසලානය සඳහා තේරීම් කමිටුව විසින් නම් කළ සංචිතයට ක්‍රීඩා ඇමතිවරයාගේ අනුමැතිය හිමිව තිබේ.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ක්‍රීඩා ඇමතිවරයා පවසන්නේ ජාතික ක්‍රීඩා සභාවේ නිර්දේශ ප්‍රකාරව තමන් මෙම සංචිතයට අනුමැතිය ලබා දුන් බවයි.

මේ අනුව පසුගිය 13 වනදා අමාත්‍යවරයා විසින් සංචිතයට අනුමැතිය ලබා දී තිබෙන අතර, අවසන් සංචිතය අද දිනයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙන බව වාර්තා වේ.

මෙවර T20 ලෝක කුසලානය ඔක්තෝම්බර් 16 වනදා සිට ඕස්ට්‍රේලියාවේදි ආරම්භ වීමට නියමිතය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button