මංගල තරගයේදීම කඩුලු ත්‍රිත්වයක් ලබා සැඟව ගිය යොවුන් සුපිරි වේග පන්දු යවන්නා යළිත් කරළියට!

සිය මංගල තරගයේදීම කඩුලු ත්‍රිත්ත්වයක් ලබාගෙන ජාත්‍යන්තර අවදානයට පාත්‍ර වූ වේග පන්දු යවන ක්‍රීඩක ශෙහාන් මදුශංක යළිත් ක්‍රිකට් පිටියට පිවිස තිබේ.

ඒ අලුතෙන් ඇරඹීමට නියමිත නේපාල් විස්සයි විස්ස ලීග් තරගාවලිය සදහායි. මෙහි පෝකරා ඇවේන්ජර්ස් කන්ඩායම වෙනුවෙන් ශෙහාන් මදුෂංක ක්‍රීඩා කිරීමට නියමිතව තිබේ.

ක්‍රිකට් පිටියේ දිගු ගමනක් තිබූ ශෙහාන් මදුෂංක විනය විරෝධි ක්‍රියාවක් හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් සහ පළමු පෙළ ක්‍රීඩාවෙන් ඈත්ව ගියා.

එසේම ශෙහාන්ට අමතරව මෙම නේපාල් විස්සයි විස්ස ලීග් තරගාවලියේ Pokhara Avengers කන්ඩායම වෙනුවෙන්ම කඩුලු රකින ශ්‍රි ලංකා පිතිකරු නිරෝෂන් දික්වැල්ල ද ක්‍රීඩා කිරීමට නියමිතයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button