“ලෝක කුසලානය බංග්ලාදේශයට දිනන්න පුලුවන්” කලීද් මහමුද් යලිත් කට අරියි!

බංග්ලාදේශ කණ්ඩායමේ අධ්‍යක්ෂක කලීද් මහමුද් පසුගිය සමයේ ප්‍රසිද්ධ වූයේ ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳව සිදු කළ ප්‍රකාශයක් නිසාය.

ආසියානු කුසලානයේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගයට පෙර මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කලීද් මහමුද් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවට ලෝක මට්ටමේ පන්දු යවන්නන් කිසිවෙකු හෝ නොමැති බවයි.

ශ්‍රී ලංකා නායක දසුන් ශානක විසින් බංග්ලාදේශ පන්දු බලඇණිය, ඇෆ්ගනිස්ථාන පන්දු බල ඇණියට වඩා පහසු යැයි සිදු කළ ප්‍රකාශයට පිළිතුරු වශයෙන් කලීද් මහමුද් මෙම ප්‍රකාශය සිදු කළා.

ඉන්පසුව ශ්‍රී ලංකා කණ්ඩායම විසින් බංග්ලාදේශය පරාජය කළ අතර, පසුව එම ප්‍රකාශය සම්බන්ධයෙන් කලීද් මහමුද් සමාජජාලා මාධ්‍යයන්ගේ දැඩි විවේචනයට ලක්වුනා.

එවැනි පසුබිමක කලීද් මහමුද් යළිත් සිදු කළ ප්‍රකාශයක් ජාත්‍යන්තර මාධ්‍යයේ අවදානය දිනා තිබේ.

එහිදි ඔහු ප්‍රකාශ කරන්නේ එළඹෙන T20 ලෝක කුසලානය බංග්ලාදේශයට දිනා ගැනීමේ හැකියාව පවතින බවයි.

” මම ධනාත්මක පුද්ගලයෙක්, ඒ නිසා ධනාත්මකව ලෝක කුසලානය දිහා බලන්න පුලුවන්, බංග්ලාදේශයට ලෝක කුසලානය දිනා ගැනීමේ අවස්තාවක් තිබෙනවා” යනුවෙන් එහිදි ඔහු ප්‍රකාශ කර තිබුනා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button