මහේල ඕස්ට්‍රේලියා යද්දි මාලිංග ක්‍රීඩකයන් සමග මහනුවර යයි – ලෝක කුසලානයේ ශ්‍රී ලංකා සැලසුම මෙන්න!

ඔක්තෝම්බර් 16 වෙනිදා සිට ඕස්ට්‍රේලියාවේදී ඇරඹීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විශේෂ පුහුණු කදවුරක් ලබන 25 වැනිදා සිට මහනුවරදී පැවැත්වීමට සුදානම් කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ සතියක කාලයක් එම කදවුර පැවැත්වීමට කටයුතු කරන බවයි.

මෙම පුහුණු කදවුර සදහා හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගත් එක්වීමට නියමිත බව වාර්තා වේ.

මහේල ජයවර්ධන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන කාල සීමාව සමය පුරාම ඔස්ට්‍රේලියාවේ රැදී සිටීමට නියමිතයි. එහිදි ඔහු කණ්ඩායම සමගත්, මෙල්බර්න්හි ලෝක කුසලානය ඉලක්ක කර දියත් කරන ඔහු සහ සංගාට අයත් ‘මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ්ස්’ අවන්හලේ කටයුතුත් නිරීක්ෂණය කරනු ඇති.

ඔක්තෝම්බර් මස 2 වෙනිදා ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යන අතර, මහේල ජයවර්ධන එළඹෙන 6 වෙනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

කෙසේ වෙතත් ලෝක කුසලාන සංචිතයට ක්‍රීඩා අමාත්‍යංශය විසින් මෙතෙක් ලිඛිත අනුමැතිය ලබා දී නොමැති බව වාර්තා වේ. ක්‍රිඩා අමාත්‍යංශය තවමත් සංචිතයට අවසරය ලබා දීමට කල් මරන හේතුව ඇතැම් නිලධාරීන්ගේ ප්‍රමාදයක් බවද වාර්තා වේ.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා සංචිතය සදහා මේ වන විටත් ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමිව තිබෙනවා.

සංචිතය පිළිබඳව වාර්තා වන අන්දමට ආබාධ හේතුවෙන් ආසියානු කුසලානයට සහභාගී නොවූ දුෂ්මන්ත චමීර, ලහිරු කුමාර හා බිනුර ප්‍රනාන්දු ලෝක කුසලාන සංචිතයට ඇතුලත් කර තිබෙන බව වාර්තා වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button