“කාලයක් තිබුනා මිනිස්සුන්ට මුහුන දෙන්නත් ලැජ්ජයි” චාමික කරුණාරත්න කියූ සංවේදි කතාව!

ආසියානු කුසලාන ජයග්‍රහණයෙන් පසු යළිත් මෙරට ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි දැඩි රසික ආකර්ෂණයක් ඇතිව තිබෙනවා.

මෙරට තරුණයන් අතර වනිඳු හසරංගගේ කොන්ඩා විලාසිතා ජනප්‍රිය වෙද්දි චාමික කරුණාරත්නලා මෙරට තරුණියන්ගේ සිහින කුමරා වී තිබෙනවා.

එක්වරම ඇතිවූ මේ ක්‍රිකට් උද්යෝගයට හේතුව නායක දසුන් ශානක ප්‍රමුඛ සිංහ පැටවුන් බවට සැකයක් නැහැ.

ආසියානු කුසලාන ජයග්‍රහණයෙන් පසු මවුබිමට පැමින සිටින මේ ක්‍රිකට් ක්‍රීඩකයන් මේ දිනවල විවිධ මාධ්‍යන්ගේද දැක ගත හැකියි.

එලෙසට මාධ්‍යයට පැමිණි අවස්තාවක චාමික කරුණාරත්න කියූ කතාවක් කතාබහට ලක්ව තිබෙනවා.

එහිදි චාමික ප්‍රකාශ කළේ

“අපි පැරදෙනකොට මිනිස්සු අපිට ගොඩාක් දේවල් කිව්වා. කාලයක් තිබ්බා ප්‍රැක්ටිස් ඉවර වෙලා කාර් එකට නැගලා ටක්ගාලා යනවා. මිනිස්සුන්ට මුහුණ දෙන්න අපිට ලැජ්ජයි. මොකද අපිට හැමදාම හොදට කර ගන්න බැරි කියන හේතුව නිසා අපිටත් හරි ලැජ්ජයි.”

යනුවෙනි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button