තිසර දස්කම් අතරට – ලෙජන්ඩ්ස් ලීගයේ සුපිරි පන්දු යැවිමක්!

මේ දිනවල ඉන්දියාවේ පැවැත්වෙන ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (17) පැවැති ප්‍රථම තරගයෙන් ජැක් කලීස්ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කැපිටල්ස් කණ්ඩායම කඩුලු 3 කින් පරාජයට පත් කිරීමට විරේන්ද්‍ර ශේවාග්ගේ නායකත්වයෙන් ගුජරාට් ජයන්ට්ස් කණ්ඩායම සමත් වුණා.

කොල්කටා හීදී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ජයන්ට්ස් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළා. ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් කැපිටල්ස් කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 7 ක් දැවී ලකුණු 179 ක් ලබා ගැනීමට සමත් වුනා.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළා ඈෂ්ලි නර්ස් නොදැවී ලකුණු 103 ක් ලබා ගත්තේ පන්දු 43 ක් තුලයි. යෝද හයේ පහර 9ක් හා හතරේ පහර 8ක් ඔහුගේ ඉනිමට ඇතුළත් වුනා. දිනේෂ් රම්දින් ලකුණු 31 යි.

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී තිසර පෙරේරා පන්දුවාර 3 ක් යොමු කරමින් ලකුණු 16 කට කඩුලු 2 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ජයන්ට්ස් කණ්ඩායම පන්දුවාර 18යි පන්දු හතරක් තුල ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තේ කඩුලු 7ක් දැවී සිටියදීයි.

සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ කෙවින් ඕබ්‍රයන් පන්දු 61 කින් ලකුණු 106 ක් ලබා ගත්තා. එම ඉනිමට හයේ පහර 3 ක් හා හතරේ පහර 15 ක් ඇතුලත් වුනා. තිසර පෙරේරා එක් ලකුණකට දැවී ගියා.

පන්දු යැවීමේ දී ප්‍රවින් තම්බේ ලකුණු 28 කට කඩුලු 3 ක් බිද දැමීමට සමත් වුනා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button