දකුණු අප්‍රිකානූ ලීග් වෙන්දේසිය ඇරඹේ – ඉහළම ලංසු තැබුනු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මෙන්න!

දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට නියමිත නවතම T20 ලීග් ක්‍රිකට් තරගාවලිය වන SA20 තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද (19) පැවැත්වීමට නියමිතව තිබේ.

මේ සදහා රටවල් 18 කින් ලියාපදිංචි වූ ක්‍රීඩකයින් 533 දෙනෙකු ඉදිරිපත් කිරීමට නියමිතයි. එයින් 248ක් දකුණු අප්‍රීකානු ක්‍රීඩකයන්.

මෙම තරගාවලිය සදහා කණ්ඩායම් හයක් ක්‍රීඩා කරන අතර, එම සියලු කණ්ඩායම්වල හිමිකාරීත්වය දරනු ලබන්නේ ඉන්දීය ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම්වල හිමිකරුවන් වීම විශේෂත්වයක්.

මේ වනවිට ලොව පුරා T20 ලීග වල කණ්ඩායම් මිලට ගනිමින් IPL හිමිකරුවන් ඉන්දීය ක්‍රිකට් ආධිපත්‍ය ගොඩනගමින් සිටිනවා.

තරගාවලියට එක්වන කණ්ඩායම් හය MI Cape Town, Durban Super Giants, Johannesburg Super Kings, Paarl Royals, Pretoria Capitals හා Sunrisers Eastern Cape යනුවෙන් නම් කර තිබේ.

අද වෙන්දේසියේදි එක් කණ්ඩායමකට උපරිමය ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් යුත් සංචිතයක් සකස් කර ගත හැකියි.

වෙන්දේසියට පෙර සෑම කණ්ඩායමකටම ක්‍රීඩකයින් 5 දෙනෙකු සමග ගිවිසුම්ගත වීමට අවස්ථාව ලබා දී තිබුණා. මේ වන විටත් කණ්ඩායම් 6 විසින් ක්‍රීඩකයින් 23 දෙනෙකු සමග ගිවිසුම්ගත වී තිබෙනවා.

එම ක්‍රීඩකයින් පස් දෙනා අතරට විදෙස් ක්‍රීඩකයින් තිදෙනෙකු ඇතුළත් කර ගත හැකි වූ අතර, දේශීය ක්‍රීඩකයින් දෙදෙනෙකු සමග ගිවිසුම් ගත විය යුතුයි. එම දේශීය ක්‍රීඩකයින්ගෙන් එක් අයෙකු මෙතෙක් ජාත්‍යන්තර වරම් දිනා නොගත් අයෙකුද විය යුතුයි.

ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ මේ වන විටත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට අයත් ජොහැනස්බර්ග් සුපර් කිංග්ස් කණ්ඩායම සමග ගිවිසුම්ගත වී තිබෙනවා.

MI Cape Town: කගීසෝ රබාඩා, ඩෙවල්ඩ් බ්‍රේවිස්, ලියම් ලිවිංග්ස්ටෝන්, ‍රශීඩ් ඛාන්, සැම් කරන්

Durban Super Giants: ක්විංටන් ඩි කොක්, ප්‍රෙනේලන් සුබ්‍රයෙන්, ‍රිසී ටොප්ලී, ජේසන් හෝල්ඩර්, කයිල් මේයර්ස්

Johannesburg Super Kings: පෆ් ඩූ ෆ්ලෙසිස්, ජෙරල්ඩ් කොයිට්සී, මහීෂ් තීක්ෂණ, රොමාරියෝ ශේෆර්ඩ්, මොයීන් අලී

Pretoria Capitals: අන්රිච් නෝකියා, මිගුවෙල් ප්‍රේටෝරියස්

SunRisers Eastern Cape: ඒඩ්න් මාක්‍රම්, ඔට්නීල් බ්‍රාට්මන්

Paarl Royals: ඩේවිඩ් මිලර්, කෝබින් බොශ්ච්, ජොශ් බට්ලර්, ඔබේ මැකෝයි

චාමික කරුණාරත්න, ඔයින් මෝර්ගන්, අඩිල් රෂීඩ්, ජේසන් රෝයි, ටිමාල් මිල්ස්, ඩේවිඩ් විලී හා ජිමී නීෂම් යන ක්‍රීඩකයින් දෙවැනි ඉහළම මූලික වටිනාකමක් හිමි කාණ්ඩය වන රැන්ඩ් 1,700,000 ක (රුපියල් කෝටි 3.5 ක පමණ) වටිනාකමක් යටතේ ලියාපදිංචි වී තිබේ.

රැන්ඩ් 850,000 ක (රුපියල් කෝටි 1.7 ක් පමණ) වටිනාකමක් හිමි කාණ්ඩය යටතේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන ධනංජය ද සිල්වා, චරිත් අසලංක හා පැතුම් නිස්සංක ලියාපදිංචි වී තිබෙනවා.

ක්‍රීඩකයින් මිලදී ගැනීම සදහා එක් කණ්ඩායමකට වියදම් කළ හැකි උපරිම මුදල් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 2 ක්.

දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය මීට පෙර අවස්ථා කිහිපයකදීම T20 ලීග් තරගාවලියක් පවත්වා ගෙන යාමට උත්සාහ කළ නමුත්,එම උත්සාහය අසාර්ථක වුනා.

පසුව ඉන්දියාව මැදිහත් වී ඇති කළ මෙම තරගාවලිය කෙසේ හෝ සාර්ථක කර ගැනීමට දකුණු අප්‍රිකාව දැඩි උත්සාහයක නිරත වන අතර ඒ වෙනුවෙන්ම ඔස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිතව තිබූ අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයට අයත් එක්දින තරග 3ක් ද අවලංගු කිරීමට දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය පියවර ගත්තා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button