2023 වෙනකම් කුසල් ජනිත් හා අවිශ්ක ගැන හිතන්නවත් බැහැ – තේරීම් කමිටුව!

මේ වනවිට ශ්‍රී ලංකා T20 කණ්ඩායමේ ආරම්භක පිතිකරණ ස්ථානයට දැඩි තරගයක් ඇතිව තිබෙනවා.

පැතුම් නිස්සංක ආරම්භක පිතිකරණ ස්ථානයක් ස්ථාවර කර ගැනීමත්, නොම්මර තුන ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් ආරම්භක ස්ථානයක ස්ථාවර වෙමින් සිටීමත් මෙයට හේතුවයි.

මින්පෙර ආරම්භක පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කළ ධනුෂ්ක ගුණතිලකට පවා කණ්ඩායමේ අංක හතර ස්ථානයේ ක්‍රීඩා කිරීමට සිදුව තිබේ.

කණ්ඩායමේ හිටපු නායකයෙක් මෙන්ම ප්‍රවේගකාරී ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා ආබාධයකට ලක්වී කණ්ඩායමෙන් ඉවත් වීමත් සමග මෙලෙස නව ආරම්භක පිතිකරුවන් කණ්ඩායමේ ස්ථාවර වෙමින් සිටියි.

මේ අතර ආබාධය සුව වූවත් කුසල් ජනිත් පෙරේරා 2023 වන තෙක් තේරීම් සඳහා සළකා නොබැලිය හැකි බව තේරීම් කමිටුව පවසනවා. ඒ වර්තමාන කණ්ඩායම ස්ථාවර වී සිටීම හේතුවෙන්.

තවද යොවුන් ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දුත් තේරීම් සඳහා සළකා බැලිය හැක්කේ 2023 ජනවාරි මාසයේ පටන් බවයි තේරීම් කමිටු සභාපතිවරයා පවසන්නේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් ක්‍රීඩා විචාරකයන් පවසන්නේ ස්ථාවර කණ්ඩායමක් ගොඩ නැගීමත්, ස්ථාන සඳහා දැඩි තරගයක් ඇතිව තිබීමත් මෙරට ක්‍රිකට් අනාගතයට ඉතා හොද දෙයක් බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button