“චාමික අලෙවි නොවේ, අලුත්ම තරුවක් අලෙවි වේ, මහේල ශ්‍රී ලංකා ක්‍රීඩකයන් එපා කියයි” SA20 වෙන්දේසියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට අත් වූ ඉරණම මෙන්න!

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සහ ඉන්දීය ප්‍රීමියර් ලීගයේ මැදිහත් වීමෙන් දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට නියමිත නවතම T20 ලීග් ක්‍රිකට් තරගාවලිය වන SA20 තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ඊයේ රාත්‍රීයේ (19) සිට අද අලුයම තෙක් දකුණු අප්‍රිකාවේදි පැවැත්වුනා.

ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් හය දෙනෙකු එක්ව සිටි ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු මිලදී ගැනීමට කණ්ඩායම් දෙකක හිමිකරුවන් කටයුතු කළා.

මෙම වෙන්දේසිය වෙනුවෙන් මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට අයත්, එම්. අයි කේප් ටවුන් කණ්ඩායම වෙනුවෙන් හිටපු නායක මහේල ජයවර්ධන වෙන්දේසිය මෙහෙය වූවා.

මෙහිදී යොවුන් මද වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුෂංක ඩර්බන් සුපර් ජයන්ට්ස් කණ්ඩායම විසින් මිලදී ගත්තා. ඔහු දකුණු අප්‍රිකානු රැන්ඩ් 275,000 ක මුදකට අලෙවි වුණා. ශ්‍රී ලංකා මුදලින් එය ලක්ෂ 56ක පමණ මුදලක් වනවා.

කුසල් මෙන්ඩිස් ප්‍රෙටෝරියා කැපිටල්ස් කණ්ඩායම විසින් මිලදී ගත්තා. ඔහු අලෙවි වුණේ දකුණු අප්‍රිකානු රැන්ඩ් 425,000 ක මුදලකටයි. ශ්‍රී ලංකා මුදලින් එය රුපියල් ලක්ෂ 86ක් පමණ වෙනවා.

ඒ අනුව මෙම තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ගණන 3ක්. ක්‍රීඩක වෙන්දේසියට පෙර ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ජොහැනස්බර්ග් සුපර් කිංග්ස් කණ්ඩායම විසින් මිලදී ගෙන තිබුනා.

වෙන්දේසියට එක්වූ චාමික කරුණාරත්න, ධණංජය ද සිල්වා අලෙවි වූයේ නැහැ.

වෙන්දේසියට එක්කර සිටි, අලෙවි නොවූ සෙසු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වූයේ ජෙෆ්රි වැන්ඩර්සේ, දුනිත් වෙල්ලාලගේ, නුවන් ප්‍රදීප්, බිනුර ප්‍රනාන්දු, අකිල ධනංජය, අවිශ්ක ප්‍රනාන්දු, මතීෂ පතිරණ, කුසල් පෙරේරා, දිනේෂ් චන්දිමාල් සහ පැතුම් නිස්සංකයි.

මහේල ජයවර්ධන විසින් මෙහෙය වූ එම්. අයි කැපිටලස් කණ්ඩායම කිසිදු ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු මිලදී ගත්තේ නැහැ.

තරගාවලිය ජනවාරි හා පෙබරවාරි මාසවලදී පැවැත්වීමට නියමිතයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button