තේරීම් කමිටුවට නොපෙනෙන යොවුන් සුපිරි පිතිකරුවා නිශාන් මදුෂ්කගෙන් තවත් වාර්තාවක්!

මේ වනවිට මෙරට පළමු පෙළ පිටියේ දස්කම් දක්වමින් ක්‍රිකට් ක්ෂේත්‍රය තුල කතාබහක් ඇති කරමින් සිටිනා නිශාන් මදුෂ්ක යළිත් පළමු පෙළ පිටියේ සුවිශේෂි දස්කම් දක්වමින් සිටිනවා.

නිශාන් මදුෂ්ක ප්‍රථමයෙන්ම කතාබහට ලක් වුයේ ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායමේ එංගලන්ත සංචාරය තුල කෙන්ට් ප්‍රාන්තයට එරෙහිව ලබා ගත් ද්විතව ශතකය හේතුවෙනි. එහිදී එංගලන්ත තනතීරු වල මැනවින් පන්දුවට පහර දෙමින් පන්දු 392 ක් නිශාන් ලකුණු 269 ක් රැස් කිරීමට සමත් වුනා.

මෙවර අන්තර් සමාජ තුන්දින තරඟාවලියේත් වැඩිම ලකුණු ලාභීන් අතර මුල් තැන ලබා ගැනීමටත් රාගම ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරන නිශාන් මදුෂ්ක සමත් වී තිබේ.

විශේෂත්වය වන්නේ තමන් ක්‍රීඩා කළ ඉනිම් හය තුල ශතක පහක් ලබා ගැනීමටත් නිශාන් මදුෂ්ක සමත් වී තිබීමයි. එයට ත්‍රිත්ත ශතකයක්ද ඇතුලත්.

පසුගියදා පොලිස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී ලකුණු 125 ක් රැස් කල ඔහු කුමාර් සංගක්කාරට හා රොමේෂ් කළුවිතාරණට පසුව පළමු පෙල ඉනිම් 6 කදී ශතක 5 ක් රැස් කල එකම ලාංකික ක්‍රීඩකයා බවට පත්වීමත් විශේෂත්වයක්.

ඔහු මෙවර තරඟාවලියේදී ගාල්ල ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති පළමු තරඟයේදී පළමු ඉනිමේදී ලකුණු 150 ක් හා දෙවන ඉනිමේදී ලකුණු 100 ක් රැස් කිරීමට සමත් වුනා.

සෙබස්ට් CAC කණ්ඩායමට එරෙහිව දෙවන තරඟයේදී සිය මංගල ත්‍රිත්ව ශතකය ඔහු වාර්ථා කළා. මේ වන විට ඔහු ඉනිම් 6 කදී ලකුණු 842 ක් රැස් කරගන්නට සමත් ව තිබෙනවා.

මුල්පෙල කඩුලු රකින පිතිකරුවෙකු ලෙසින් කටයුතු කරන නිශාන් 23 හැවිරිදි ක්‍රීඩකයෙක්. ඔහුගේ පළමුපෙල සාමාන්‍ය 62ක් වෙනවා.

මෙම යොවුන් ක්‍රීඩකයා රැක බලා ගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ වගකීමක් වන අතර දිනෙක මෙරට ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට විශිෂ්ඨ ක්‍රීඩකයෙක් දයාද කිරීමේ හැකියාව ඔහු සතු වන බවට සැකයක් නැහැ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button