ශ්‍රී ලංකාවත් අත වනන ලෝක ටෙස්ට් ශූරතාවයේ වෙනසක්!

අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය පැවැත්වෙන දිනය වෙනස් කිරීමට අයි.සී.සීය කටයුතු කර තිබෙනවා.

අයි.සී.සී ටෙස්ට් ලෝක ශූරතාවයේ අවසන් මහා තරගය 2023 ජුනි මාසයේ ලෝර්ඩ්ස් ක්‍රීඩා පිටියේ පැවැත්වීමට නියමිතව තිබුනා.

කෙසේ වෙතත් එහි වෙනසක් සිදු කරමින් අයි.සී.සීය යළි නිවේදනය කරන්නේ එම තරගය ලන්ඩන් නුවර “ද ඕවල්” ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන බවයි.

ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රථම හා දෙවන ස්ථාන දිනා ගන්නා කණ්ඩායම් අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබා ගන්නවා.

මේ වන වට ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව පළමු හා දෙවැනි ස්ථානවල රැදී සිටින අතර, ශ්‍රී ලංකාව තෙවැනි ස්ථානයේ පසුවනවා. ශ්‍රී ලංකාව මවුබිමේදි පැවැති එංගලන්ත හා පාකිස්තාන තරගාවලි ජය ගත්තා නම් ඔවුන්ට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට ඉඩ තිබුනා.

මීළගට නවසීලන්තය සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය ජයගතහොත් ශ්‍රී ලංකාවට ටෙස්ට් ලෝක කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබිය හැකියි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button