ලහිරු කුමාරගේත්, දුෂ්මන්ත චමීරගේත් ශාරීරීක යෝග්‍යතා ප්‍රතිඵල නිකුත් වේ!

මෙවර T20 ලෝක කුසලානයට නම් කර සිටින ශ්‍රී ලංකා සංචිතයේ ප්‍රධාන වේග පන්දු යවන්නන් දෙදෙනාම පසුගිය දින විශේෂ වෛද්‍ය පරීක්ෂණයකට මුහුණ දුන්නා.

ඒ ඔවුන් දෙදෙනාම පසුගිය සමයේ ආබාධයන්ට ලක්ව සිටීම හේතුවෙන්.

මේ හේතුවෙන් ඔවුන් දෙදෙනාටම ආසියානු කුසලානය මග හැරුනත්, ලෝක කුසලාන සංචිතයට නම් කිරීමට තේරීම් කමිටුව පියවර ගත්තා.

ඒ වෛද්‍ය නිර්දේශ යටතේ තහවුරු වීමෙන් පසුව කණ්ඩායමට ඇතුලත් කිරීමේ කොන්දේසිය යටතේයි.

අද දිනයේ ඔවුන් දෙදෙනාටම එළඹෙන තරග ක්‍රීඩා කිරීමට හැකි බවට වෛද්‍ය නිර්දේශයන් හිමිව තිබෙනවා.

මේ අනුව ඔවුන් දෙදෙනා ලෝක කුසලාන සංචිතයේ ස්ථිර ක්‍රීඩකයන් ලෙස එක් වෙනු ඇත. කෙසේ වෙතත් මෙම ක්‍රීඩකයන් දෙදෙනාම දින කිහිපයක පටන් ශ්‍රී ලංකා කණ්ඩායම සමග පුහුණු සැසි වලට එක්වුනා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button