“ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ බෝර්න් අගේන් බලපෑම් නෑ, ඕවා බොරු” – ජෙරම් ප්‍රනාන්දුගේ දකුණු අත ආමන්ත විජේසූරිය කියූ කතාව!

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට බලපෑම් කරමින්, එහි පාලනයට සැලකිය යුතු බලපෑමක් එල්ල කරන ජෙරම් ප්‍රනාන්දු පිළිබඳව පසුගිය සමයේ කතාබහට ලක්වුනා.

ඒ ඔහු විසින් භානුක රාජපක්ෂ භාවිතා කරමින් සමාජජාලා වලට එක් කළ වීඩියෝවක් නිසා.

කෙසේ වෙතත් ජෙරම් ප්‍රනාන්දු මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට බලපෑම් කරමින් පසුවෙන්නේ අදක ඊයේක සිට නොවේ.

ජෙරම් ප්‍රනාන්දු හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඔහු රාගම ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා කරමින් පසුව දේව බලයෙන් රෝග සුව කරන්නෙක් ලෙස කරලියට පැමිණියා.

ඉන්පසුව ඔහු අසනීප වූ කුමාර් සංගක්කාරගේ දරුවා සුව කළා යැයි සංගක්කාර නම්මා ගැනීමට හැකි වෙනවා. අදටත් ඔහුගේ පළමු සහ ප්‍රබලතම අනුගාමිකයා වන්නේ කුමාර් සංගක්කාරයි.

ඉන්පසුව සංගාගේ මාර්ගයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසි ඔහු ක්‍රිකට් ක්‍රීඩකයන්, නිළධාරීන්, පුහුණුකරුවන් රැසක් ඔහුගේ අනුගාමිකයන් කර ගනිමින් ක්‍රිකට් ක්‍රීඩාවේ පාලනයට බලපෑම් කරනවා.

ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ඔහුගේ ආදර්ශ පාඨය වන්නේ “ආශිර්වාද ලද්දන් 11ක් කණ්ඩායමේ ක්‍රීඩා කළ යුතු බවයි”. එහි සරල අදහස කණ්ඩායමට ක්‍රීඩා කළ යුත්තේ තමන්ගේ අනුගාමිකයන් පමණක් බවයි.

කෙසේ වෙතත් ක්‍රිකට් ක්‍රීඩාවේ එවැනි බෝර්න් අගේන් බලපෑමක් නැති බව ජෙරම් ප්‍රනාන්දුගේ සිංහල භාෂා පරිවර්තක සහ දකුණු අත ලෙස කටයුතු කරන ආමන්ත විජේසුරිය ප්‍රකාශ කරනවා.

ඔහු හිටපු ක්‍රීඩා මාධ්‍ය වේදියෙක්ද වෙනවා.

ඔහුගේ එම ප්‍රකාශය පහතින්,

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button