සනත්ටත් වඩා පොරක් යැයි බංගලි රසිකයන් කියන ශකීබ් පිට පිට දෙවෙනි වරටත් බිංදුවට ගිය හැටි! (VIDEO)

බංග්ලාදේශ T20 කණ්ඩායමේ නිත්‍ය නායක ශකීබ් අල් හසන් එරට ක්‍රිකට් ක්‍රීඩාවෙන් බිහි කළ විශිෂ්ඨතම ක්‍රීඩකයා ලෙස හැඳින්වෙනවා.

තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන ශකීබ් තුන් ඉරියව් ශ්‍රේණිගත කිරීම් වලද දැකගත හැකි චරිතයක්.

මේ දිනවල පැවැත්වෙන කැරිබියන් ප්‍රිමියර් ලීග් (සී.පී.එල්) ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කරන ශකීබ් එහි ගයානා ඇමසන් වොරියර්ස් කණ්ඩායම නියෝජනය කරනවා.

එහිදි ශාන්ත ලුසියා කිංග්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී ශකීබ් පළමු පන්දුවේදිම දැවී ගියේ මෙවර තරගාවලියේ පිට පිට බිංදුවට දැවී ගිය දෙවන අවස්තාව සටහන් කරමින්.

මෙම තරගයට පෙර එම කණ්ඩායම අවසන් වරට ක්‍රීඩා කළ තරගයේ දී ද ශකිබ් අල් හසාන් පළමු පන්දුවෙන්ද දැවී ගියා.

බංග්ලාදේශ ක්‍රිකට් රසිකයන් විසින් ශකීබ් අල් හසන් හඳුන්වන්නේ ලොව විශිෂ්ඨතම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙසයි. ඔවුන් සමාජජාලා වල අදහස් දක්වන්නේ ශකීබ් අල් හසන් යනු ශ්‍රී ලංකාව බිහි කළ විශිෂ්ඨ තුන් ඉරියව් ක්‍රීඩක සනත් ජයසූරියටත් වඩා ශකීබ් විශිෂ්ඨයෙකු යැයි කියමින්.

ශකිබ් පළමු පන්දුවෙන්ම දැවී ගිය අයුරු පහතින් නරඹන්න,

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button