“දසුන් ගොඩක් පරාර්ථකාමීයි, එයා තමන්ටත් වඩා හිතන්නේ අනුන් ගැන” නායක දස්සා ගැන සහය පුහුණුකරු කියන කතාව! (VIDEO)

ශ්‍රී ලංකා T20 නායක දසුන් ශානකගේ නායකත්වය පසුගිය සමයේ දෙස් විදෙස් විචාරකයන් රැසකගේ ප්‍රශංසාවට ලක්වුනා.

ඒ ඔහුගේ නායකත්ව තීරණ පමණක් නොව නායකයෙකු ලෙස ඔහුගේ ආකල්පද විශිෂ්ඨ බව කියමින්.

සිය කණ්ඩායමේ ක්‍රීඩකයන් රැක බලා ගැනීම, පීය තුලත් ඉන් පිටටත් ඔවුන්ට ආත්ම විශ්වාසය ලබා දීම වැනි ගුණාංග වලින් දසුන් ශානක සිටින්නේ බොහෝ ඉදිරියෙන්.

පසුගිය දිනෙක රූපවාහිනි සංවාදයකට එක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සහය පුහුණුකරු නවීඩ් නවාස් ද දසුන් ශානකගේ නායකත්වය පිළිබඳව අදහස් දැක්වූවා.

එහිදි ඔහු ප්‍රකාශ කළේ

“මං හිතන්නේ එයා වර්ධනය වෙනවා. මං ඕස්ට්‍රේලියානු තරගාවලියේ දැක්කට වඩා එයා හොදට කැප්ටන්සිය කරා ආසියානු කුසලානයේදී.

ලීඩර් කෙනෙක් හැටියට මං එයාගේ දකින හොදම දේ තමයි එයා ගොඩාක් පරාර්ථකාමියි. එයා ගැන හිතන්නෙම නැ ගොඩාක් වෙලාවට. සමහර වෙලාවට මං එයාට කියනවා එයාගේ ගේම් එක ගැන තව පොඩ්ඩක් අවධානය දෙන්න කියලා. මොකද එයා ටීම් එකේ අනිත් හැමෝම ගැනම සමීපව හිතන කෙනෙක්. මං හිතන්නේ නායකයෙකුට තියෙන්න ඕනි දේවල් ගොඩාක්ම එයාට තියෙනවා. එයා ටීම් එක ගැන සෑහෙන හිතන කෙනෙක්.

මං හිතන්නේ ක්‍රීඩකයින්ගේ විශ්වාසයත් එයාට එන්න එන්න වැඩියෙන් ලැබෙයි ඉස්සරහට යද්දි. දසුන්ට සෑහෙන අත්දැකීම් තියෙනවා. නායකයෙක් විදිහට මං හිතනවා එයා හොදට කරනවා කියලා.” යනුවෙනි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button